Photobucket

Saturday, December 22, 2012

බහිරවයකුට අරක්ගත් කළුවාරිප්පුවේ වලව්වක් මැද වළක් හාරා නිදන් හොයලා

මිල කළ නොහැකි ඉපැරණි පුරාවස්තු ඇතැයි සැලකෙන වලව්වක කාමරයක මැද ළිඳක් හාරා නිදන් වස්තු සොයමින් සිටි හතරදෙනෙකු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන 21 මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඒ. එම්. එන්. වී. අමරසිංහ මහතා වෙත ඉදිරිපත් කළ පසු ජනවාරි 2 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතවූයේ කෝන්ගොඩමුල්ල කටාන පදිංචි අවු: 22 – 30 ත් අතර වයසේ පසුවූ හතරදෙනෙකි. මෙම වලව්ව නැඟෙනහිර කළුවාරිප්පුවේ කටාන පිහිටා ඇත.

එම වලව්වට හා වලව්ව පිහිටි ඉඩමට නිත්‍යානුකූල අයිතිකරුවෙක් නැත. අඹගහමුල වලව්ව නමින් එය ඇතැමුන් හඳුන්වයි. මේ වලව්ව ඇතුළත භූගතව විශාල වටිනාකමක් ඇති වස්තුවක් ඇතැයි ප්‍රදේශය පුරා ප්‍රචාරයක් පවතී.

මෙහි නිදන්ගත වස්තුව ගැනීමට මීට පෙර ඇතැම් අය උත්සාහ ගෙන තිබුණද එම නිධානය ආරක්‍ෂා කරන යකුන්ගෙන් හා බහිරවයන්ගෙන් එම පිරිසට විශාල හානි සිදුවිය.

මේ වලව්ව තුළ කාමරයක 20 දා රාත්‍රියෙහි ළිඳක් වැනි විශාල වළක් හාරමින් නිදන් සොයමින් සිටින බවට 119 ට තොරතුරක් ලැබී ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පිට මෙම වලව්ව මීගමුව පොලිසියෙන් වටලන ලදී.

නිදන් හෑරීමේ කටයුතුවල යෙදී සිටි හතරදෙනකු සමඟ ඒ සඳහා උපයෝගී කරගත් භාණ්ඩ රැසක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබුණි. මිල කළ නොහැකි පැරණි වස්තු සම්භාරයක් මෙම වලව්වේ භූගතව ඇති නිසා එය කැණීම් කර ලබාගැනීමට මේ පිරිස උත්සහ ගෙන ඇතැයි පොලිසිය සැක පහළ කරයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all