Photobucket

Saturday, December 22, 2012

මාතලේ පොළොව දෙදරයි

* නිවාස 6කට හානි
* පවුල් 35ක් ආරක්ෂක ස්ථානවලට
පසුගිය දිනවල පැවති ධාරානිපාත වර්ෂාව නිසා මාතලේ, පිටකන්ද හා කන්දෙනුවර යන වසම්වලට අයත් අක්කර 3 1/2ක පමණ කොටසක් නාය යාමට ලක්වීමත් නිසා පිටකන්ද ප්‍රධාන මාර්ගය ද පුපුරා ගොස් ධාවන කටයුතුවලට බාධා පැමිණ ඇත. 

මෙම දෙදරායාම නිසා ප්‍රදේශයේ ජනතාව මහත්සේ බියකට පත්වී සිටී. මේ නිසා එම කොටසේ නිවාස 6කට පූර්ණ ලෙස හානි පැමිණ ඇති අතර තවත් නිවාස ගණනාවක් පුපුරායාමට ලක්වී ඇත.

මේ නිසා එම නිවාසවල පදිංචි පවුල් 35ක් එම ස්ථානයෙන් ඉවත් කිරීමට මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පියවර ගෙන ඇති අතර ඔවුන්ගෙන් කොටසක් මේ වනවිට පිටකන්ද විද්‍යාලයේ කඳවුර වෙත යවා ඇත.

රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් එම කඳවුරේ අවතැන්ව සිටින ජනතාවට සහන සැපයීමේ පියවර ග්‍රාම නිලධාරීන් හරහා කරගෙන යන බවද සඳහන් වේ.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all