Photobucket

Saturday, December 22, 2012

බෝවතැන්න ජලාශය සිදුකළ මහා විපත ගැන පොලිස් බුද්ධි අංශ පරීක්ෂණ

බෝවතැන්න ජලාශයේ පිටවුම් දොරටු පෙර දැනුම් දීමකින් තොරව විවර කළ බවට පළාත් රැසක ජනතාව නගන චෝදනා සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ විසින් පරීක්ෂණ අරඹා ඇත. මහ වැසි වැටෙන්නට පෙර බෝවතැන්න ජලාශයේ පිටවුම් දොරටු අළුත්වැඩියා කිරීමකට භාජනය කර ඇතැයි වාර්තා වේ. 

 ජලාශය සිඝ්‍රයෙන් පිරී යාමත් සමග එහි එක් දොරටුවක් හෝ විවර කර ගන්නට නො හැකි වී ඇත. ඒ සමග විදුලිය ඇණහිටීමක් සහ විදුලිජනක යන්ත්‍රය අක්‍රිය වීමක් සිදු වී තිබේ. මෙම අවස්ථාවේදී නාලන්දා ජලාශයේ ජලයෙන් බෝවතැන්න ජලාශයේ වේල්ල බිඳී යාමේ අවධානමක් පෙනී ගොස් ඇතැයි තොරතුරු පළ වේ. එබැවින් දඹුල්ලෙන් වහාම විදුලිජනක යන්ත්‍රයක් ගෙනැවිත් සවිකොට බෝවතැන්න ජලාශයේ පිටවුම් දොරටු හතර එක්වරම විවර කර තිබේ. 

එම දොරටු විවර කිරීමත් සමග දැවැන්ත ජල කඳක් ගලාගෙන පැමිණි බවත්, ඒ ජලකඳ සමග ගෙවල්,වහළ,දැවැන්ත ගස් සමග යන්ත්‍රෝපකරණ ගසා ගෙන යන්නට වූ බවත්, ඒ දෙස බලා සිටිනවා හැරෙන්නට කරන්න කිසිම දෙයක් තමන්ට නොතිබුණ බවත් මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියේ ඉංජිනේරුවරුන් සහ ගම්වාසීන් පවසති. ජලාශයේ දොරටු හතර විවර කොට පැය එකහමාරකට පමණ පසු දොරටු විවර කළ බව ප්‍රචාරය කළත් ඒ වනවිට විනාශය සිදු වී අවසන් යැයි ඔවූහු කියති. මේ ජලකඳ පොළොන්නරුව දක්වා විනාශය සිදු කළේ ඉහත තත්ත්වය නිසා බවට කරන චෝදනා සම්බන්ධයෙන් පොලිස් බුද්ධි අංශ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all