Photobucket

Saturday, December 22, 2012

මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ - මයික් ටයිසන්

මේක විකාර කතාවක්...

හිටපු හෙවිවේට් ශූර ලෝක පූජිත මයික් ටයිසන් ගැහැනියක් බවට පත්වීමට පැය 16ක සැත්කමකට භාජනය වූ පුවතින් පසුගියදා අන්තර් ජාතික ක්‍රීඩා පිටිය කැළඹුණා.

එසේ කාන්තාවක් බවට පරිවර්තනය වූ ඔහු තම නම මිෂේල් ලෙස වෙනස් කරගත් බවත් සඳහන් වුණා. නමුත් මේ පුවත දැඩිව ප්‍රතික්ෂේප කරන ටයිසන් තමාට කාන්තාවක් වීමට කිසිදු අවශ්‍යතාවක් නොමැති බව ප්‍රකාශ කළා.

‘මට ගැහැනියක් වීමට කිසිදු වුවමනාවක් නෑ. මේක විකාර කතාවක්. ඔය සැත්කම කළා කියන දවසේ මම හිටියේ

ලාස් වේගාස් නුවර පැකිඕ - මාකස් බොක්සිං තරගය නරඹමින්’ 46 හැවිරිදි ටයිසන් එසේ කීවා.

කෙසේවුවත් අප්‍රිකානු පුවත්පත් වාර්තා කළ මේ ප්‍රවෘත්තියට අනුව ටයිසන්ගේ ලිංග සැත්කම සිදුකළා යැයි කියන ශල්‍ය වෛද්‍යවරයා කියා ඇත්තේ සැත්කම සාර්ථක වූ බවයි. නමුත් බටහිර පුවත්පත් පසුව මේ වාර්තාව අසත්‍ය එකක් බව තහවුරු කළා.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all