Photobucket

Saturday, December 22, 2012

අයහපත් කාලගුණයෙන් මිය ගිය ගණන 27ක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය

අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය ගණන 27 දක්වා ඉහළ ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. මේ වන විට අවතැන්වූවෝ තිස් දෙලක්ෂ නම දහස් හාරසිය එකක් දක්වා ඉහළ ගොස් ඇතැයි කියන එම මධ්‍යස්ථානය ඒ පිරිස අතර පවුල් අසූ දෙදහස් අටසිය විසි එකක් වන බවද කියයි.

අවතැන්වූවන් වෙනුවෙන් ආහාරපාන ඇතුළු පහසුකම් සැපයීම දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන්, ග්‍රාම නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හරහා සිදුකෙරෙන බවද කියන එම මධ්‍යස්ථානය මේ සඳහා පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සිවිල් ආරක්‍ෂක බලකා නිලධාරීන් යන ආරක්ෂක අංශවල සාමාජිකයින්ගේ ද සහය ලබා ගැනීමට පියවර ගෙන ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

අවතැන් කඳවුරු 171 ක පවුල් 15552ක පුද්ගලයන් 56,543 ක් සිටින බවද ඔවුන් සඳහා අඛණ්ඩව ආහාර පාන ඇතුළු සහන සැපයීම් සිදු කරන බවද ආපදා කළමනාකරණ ඇමැති මහින්ද අමරවීර මහතා කීය.

ආපදාවලින් තුවාල සිදුවුණ 36 ක් ද, අතුරුදන් වූවන් දාහතරක් සිටින බව ද පවසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්පූර්ණ හානිවූ නිවාස ගණන 1442ක් වන අතර අර්ධහානි නිවාස 4879ක් බව ද දන්වා සිටී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all