Monday, December 10, 2012

බංග්ලාදේශ විරෝධතාකරුවෝ පොලීසිය සමඟ ගැටෙති

භාරකාර රජයක් යටතේ බංග්ලාදේශයේ කඩිනම් මහ මැතිවරණයක් කැඳවිය යුතු බවට උද්ඝෝෂණයේ යෙදුණු පිරිස් හා රජයට පක්ෂපාතී පිරිස් අතර රටපුරා ඇතිවූ ගැටුම්වලින් පුද්ගලයන් දෙදෙනකු මිය ගිය අතර තවත් විශාල පිරිසක් තුවාල ලැබූ බවද වාර්තා වේ.

බංග්ලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංග්ලාදේශ ජාතික පක්ෂය විසින් රට පුරාම මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය සංවිධානය කර තිබුණි.

දෙපාර්ශ්වය අතර ඇතිවූ කැරැලි වලින් බස් රථ 11 හා කාර් කිහිපයක් ගිනිබත් වූ අතර ධකා අගනුවර ආරක්ෂාවට 10000ක පමණ පොලිස් භට පිරිසක් යොදවා තිබුණි.

භාරකාර රජයක් යටතේ මැතිවරණ නොපවත්වන්නේ නම් එම මැතිවරණය මින් ඉදිරියට වර්ජනය කරනබව බංග්ලාදේශයේ විපක්ෂ ජාතික පක්ෂය හා එහි ආධාරක සුළු පක්ෂ 17ක් නිවේදනය කර තිබේ.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all