Photobucket

Monday, December 10, 2012

පිපිරීමකින් මුරුන්කන් පොලිසියේ ඕ.අයි.සී. ඇතුළු 4 ක්‌ තුවාල ලබති

මන්නාරම මුරුන්කන් පොලිස්‌ වසමේ සෙට්‌ටියාර් කට්‌ටෙයි අඩම්පන් ප්‍රදේශයේදී  (8 දා) දහවල් සිදු වූ පිපිරීමකින් මුරුන්කන් පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ඇතුළු හතර දෙනකු තුවාල ලබා තිබේ.
පුපුරණ ද්‍රව්‍ය තොගයක්‌ කට්‌ටෙයි අඩම්පන් ප්‍රදේශයේ සඟවා ඇති බවට පොලිසියට ලැබුණු තොරතුරක්‌ අනුව පොලිස්‌ කණ්‌ඩායමක්‌ එහි ගොස්‌ පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගැනීමට උත්සාහ කිරීමේදී ඒවා හදිසියේම පුපුරා යැමෙන් මෙම අනතුර සිදු වී තිබේ.

තුවාල ලැබූ හතර දෙනා අතර මුරුන්කන් පොලිස්‌ ස්‌ථානාධිපති කමල් ගුණවර්ධන මහතාද පොලිස්‌ සැරයන්වරයකුද, සාමාන්‍ය වැසියන් දෙදෙනකුද සිටිති. සුළු තුවාල ලද පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා හැර අනෙක්‌ තුන්දෙනා මුරුන්කන් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මන්නාරම රෝහල වෙත මාරුකොට යවා තිබේ.

මුරුන්කන් පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වාගෙන යයි. 
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all