උදේ 9.35 ට පමණ කොළඹ කුරුණෑගල ප්‍රධාන
මාර්ගයේ තුල්හිරිය නාන්ගල්ල මුස්ලිම් විදුහලේ ඉගෙනුම ලබන 06 හැවිරිදි පාසල්
දරුවෙක් පාසල ඉදිරිපිට ඇති කහ ඉරෙන් මාරු වෙද්දී දරුවා යට කර ගෙන ලොරියක්
ධාවනය කර ඇත. මොහොමඩ් නියාස් අබ්දුල් හුසේන් නැමැති දරුවා රෝහල් ගත
කිරීමෙන් පසු මිය ගොස් ඇත. මෙම ලොරි රථය අනුරාධපුර දුම්රිය
දෙපාර්තුමෙන්තුවට අයත් එකකි.
එම අනතුරින් පසු රියදුරා අල්ලාගත්
ප්‍රදේශවාසීන් ඔහුට දැඩි ලෙස පහර දී ඇති අතර රියදුරාද පසුව කෑගල්ල රෝහලට
අතුළත් කර ඇත. සැකකරු අනුරාධපුර පදිංචි 44 හැවිරිදි අයෙකි. වරකපොළ පොලිසිය
පරික්ෂණ පවත්වයි.
ලක්බිම ඇසුරින් පලකරන ලදී.










0 comments:
Post a Comment