Photobucket

Sunday, December 2, 2012

විශාරද දීපිකාට ‘ගුසී’ සම්මානය

ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ඨ සේවය අගය කරමින් පිලිපීනයේ ගුසී පදනම මගින් පිරිනමනු ලබන ඉහළම සම්මානය වන ‘ගුසී’ සම්මානයෙන් ප්‍රවීන ගායන ශිල්පිණී විශාරද දීපිකා ප්‍රියදර්ශණී පීරිස් මෙනවිය පසුගිය දා පිදුම් ලැබුවාය.
 
ඉකුත් 28 වැනි දින මැනිලා නුවර දී ‘ගුසී’ සම්මාන ප්‍රදානෝත්සවය පැවැති අතර, ඇය දැනට දේශීය හා විදේශීය සම්මාන 20කට වැඩි ප්‍රමාණයකින් පිදුම් ලබා තිබේ. මෙයට අමතරව වෘත්තීයමය ගායන ජීවිතයේ පසුගිය දෙවසර තුළදී සිය අද්විතීය දක්ෂතා ප්‍රදර්ශනය කළ ඇගේ ‘සරෝජා’ ගීතය ජනතාව අතර සදානුස්මරණය වී ඇති ගීතයකි.

දීපිකා ප්‍රියදර්ශනී මෙනවිය ඇතුළු කණ්ඩායමට සාම සම්මානය ලබාගැනීම සඳහා මැනිලා නුවරට යාමට අවශ්‍ය ගුවන් ටිකට්පත් සියල්ල සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින්ලබා දී තිබේ. අනිද්දා(03) අලුයම 12.15ට ඇය කටුනායක ගුවන් තොටුපලට ළඟාවීමට නියමිත අතර, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් පරිදි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මගින් ඇය පිළිගැනීමට කටයුතු යොදා ඇත.

ඇය පිළිගැනීමේ අවස්ථාවට සංස්කෘතික හා කලා කටයුතු ඇමැති ටී.බී. ඒකනායක මහාතා ඇතුළු නිලධාරීන්, සංගීතවේදීන් හා කලාකරුවන් රැසක් සහභාගීවීමට නියමිතය.

ජීවනී පතිරණ සහ ලලිත් වන්නිආරච්චි
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all