Photobucket

Sunday, December 2, 2012

මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රදානය

මුරුංගස්යායේ ඤාණිස්සර නාහිමි පදනමේ වාර්ෂික ශිෂ්‍යත්ව ප්‍රධානය පදනමේ නිර්මාතෘ ප්‍රශයේ ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක ආචාර්ය මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් කොළඹ 01 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරස්ථානයේ දී සිදු කෙරිණි.
අඩු ආදායම් ලාභී පවුල් වලින් තෝරාගත් වෛද්‍ය ශිෂ්‍යයින් 40 දෙනකු සඳහාත් විශේෂ හේතූන් මත තෝරාගත් බකමූණේ ඉශාරා මධුෂානි පෙරේරා ශිෂ්‍යාවට හා පිලිකා රෝගයකින් මියගිය බුත්තල මනීෂා කාවිනිදි දැරියගේ සොයුරු දිල්සර චානුක පතිරණ ශිෂ්‍යයාටත් මෙවර ශිෂ්‍යත්ව පිරිනමන ලදී. මෙම වසරේ පිරිනමන ලද ශිෂ්‍යත්ව 42 සමග සිසු සිසුවියන් 150දෙනෙකු සඳහා පදනම මගින් ශිෂ්‍යත්ව පිරිනැමේ.

කොළඹ 01 ශ්‍රී සම්බුද්ධාලෝක විහාරාධිපති ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ඉත්තදෙමළියේ ඉන්දසර නාහිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ අධ්‍යයන පීඨාධිපති කිරින්දේ පේමසිරි හිමි, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ ශාස්ත්‍රපති විතාරන්දෙණියේ මේධානන්ද හිමි, කැස්බෑව ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරී ශාස්ත්‍රපති මහගම සුනීත හිමි ඇතුළු මහාසංඝරත්නය, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හද මාමා ළමා වැඩසටහනේ නිෂ්පාදිකා සුමනා ජයතිලක මහත්මිය සහ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ හිටපු වැඩසටහන් නිෂ්පාදක ඩබ්.එස්. ගුණතිලක මහතා, ප්‍රංශයේ සිට පැමිණි ශ්‍රීලාල් ෆොන්සේකා මහතා සහ ශ්‍රීමතී ෆොන්සේකා මහත්මිය මෙම අවස්ථාවට සහභාගි වූහ.

ලක්බිම ඇසුරින් පලකරන ලදී.


Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all