Photobucket

Saturday, December 8, 2012

අගවිනිසුරුතුමිය මල්වතු මහා නාහිමි සමග සාකච්ජාවක්

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය ශ්‍රි දළදා වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබිබටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමියන් බැහැ දුටුවාය. විනාඩි විස්සක පමණ කාලයක් උන්වහන්සේ සමග සාකච්ජාවේ යෙදී සිටි බණ්ඩාරනායක මහත්මිය ඉන් අනතුරුව අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන් බැහැ දැකීම සඳහා පිටත්ව ගියාය. ජනමාධ්‍ය සඳහා ඇය මේ දක්වා කිසිවක් ප්‍රකාශ නොකළාය. මෙම සංචාරය සඳහා ඇයත් සමග ඇගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම් සහ පුත්‍රයාද සහභාගී වී සිටිති.

ගයා වන්නිආරච්චි
ලක්බිම ඇසුරින් පල කරන ලදී. 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all