Photobucket

Wednesday, December 12, 2012

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩනට කලා භූෂණ සම්මාන

මාධ්‍යකරණය, ග්‍රන්ථකරණය, ඡායාරූපකරණය, ගායනය හා රංගනය යන ක්‍ෂේත්‍රයන්ගෙන් දැක්‌වූ නිපුණත්වය වෙනුවෙන් උපාලි පුවත්පත් ආයතනයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන මහතා කලා භූෂණ සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය.

විසිඅට වැනි කලා භූෂණ රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය මෙම මස 15 වැනිදා පෙරවරු 10.00 ට සංස්‌කෘතික හා කලා කටයුතු ඇමැති ටී. බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී පැවැත්වේ.

පලිහවඩන මහතා උපාලි පුවත්පත් ආයතනය ආරම්භයේ සිටම මාධ්‍යවේදියකු ලෙස සේවය කරන අතර ඊට පෙර ඥනාර්ථ ප්‍රදීපය, ඇත්ත හා ලේක්‌හවුස්‌ ආයතනයේ පුවත්පත්වල ද සේවය කර ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all