Photobucket

Tuesday, December 4, 2012

විශේෂ තේරීම් කාරක සභාව දෙවැනි වරට අද රැස්වෙයි

අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කර ඇති විශේෂ තේරීම් කාරක සභාව අද(4) දෙවැනි වරට රැස්වීමට නියමිතය. 
අද පෙරවරු 10.30ට කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් රැස්වීමට නියමිතය.

අගවිනිසුරුවරිය අද දිනයේද තේරීම් කාරක සභාව හමුවේ පෙනීසිටීමට නියමිතය. 

දෝෂිභියෝගය සඳහා වන විත්ති වාචක ලබාදීම සඳහා එම තේරීම් කාරක සභාව අද දිනය දක්වා අගවිනිසුරවරියට කල් ලබාදී තිබිණි. අද එම පිළිතුරු බැඳීමද සිදු වනු ඇත.

අගවිනිසුරුවරිය පිළිතුරු බැඳීමෙන් අනතුරුව තේරීම් කාරක සභාව විසින් එම ලිඛිත විත්ති වාචක විමර්ශනය ආරම්භ කෙරෙනු ඇත.

මේ අතර අගවිනිසරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එල්ලවී ඇති චෝදනාවලට පිළිතුරු ලබාදීමට සති පහක කාලයක් ලබා දෙන ලෙස අගවිනිසුරුවරිය එම විශේෂ කාරක සභාවෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

අගවිනිසුරුවරිය විසින් මේ ඉල්ලීම ලිඛිතව සිදු කර ඇති අතර, ඇයට එල්ලවී ඇති චෝදනා පිළිබඳ සංෂිප්ත වාර්තාවක්ද පසුගිය 30 වැනිදා විශේෂ කාරක සභාවට ඉදිරිපත් කර ඇති බවද පාර්ලිමේන්තු ආරංච් මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

දිනමිණ ඇසුරින් පලකරන ලදී.
ස්වර්ණා විජේකෝන්, චමීර ඇල්ලදෙණිය සහ සුභාෂිණි සේනානායක
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all