Photobucket

Tuesday, December 4, 2012

මාතලේ, නුවරඑළිය මහනුවර සහ බදුල්ලේ නාය යැමේ කලාප 68 ක්‌

බරපතළ නාය යැම් කලාප 68 ක්‌ මාතලේ, නුවරඑළිය මහනුවර සහ බදුල්ල දිස්‌ත්‍රික්‌කවලින් හඳුනාගෙන ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නාය යැම් අංශ ප්‍රධානී භූවිද්‍යාඥ ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා කියයි.
මෙම දිස්‌ත්‍රික්‌කවල හඳුනාගෙන ඇති සංඛ්‍යාවට වඩා වැඩි ප්‍රමාණයක්‌ නාය යැම් සිදුවන කලාප ඇති බවටද ඔහු පැවැසීය. හඳුනාගෙන ඇති නාය යැම් කලාපවල නාය යැම් අවම කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.

මහනුවර - පේරාදෙණිය, කොත්මලේ, ගැරැඩිඇල්ල, බදුල්ල පදියපැලැල්ල ප්‍රදේශවල නාය යැම් අවම කිරීමේ ව්‍යාපෘති මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

දිවයින පුරා සිදුවන නාය යැම් සිතියම්ගත කර ඇති බවත් නාය යැම් කලාපවල අවදානම් අවම කර එම ඉඩම් යළි රටේ සංවර්ධනය සඳහා ලබාගැනීම මෙහි අරමුණ බවත් අංශ ප්‍රධානි ආර්. එම්. එස්‌. බණ්‌ඩාර මහතා පැවැසීය.

මධ්‍යම කඳුකරය තුළ සිදුවෙමින් පවතින දරුණු නාය යැම් සිදුවන මාතලේ, මහනුවර, බදුල්ල සහ නුවරඑළිය දිස්‌ත්‍රික්‌කවල ප්‍රථම අදියර යටතේ නාය යැම් අවම කිරීමට සැලසුම් කර ඇත.

දෙවැනි අදියර යටතේ කළුතර, කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවල ද තෙවැනි අදියර යටතේ මාතර, හම්බන්තොට සහ ගාල්ල දිස්‌ත්‍රික්‌කවල ද ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇත.

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all