Photobucket

Tuesday, December 4, 2012

අලුතින් යුදෙව් නිවාස ඉදිකිරීමේ සැලසුම් 'යළි සළකා බලන්න'

බලහත්කාරයෙන් අල්ලා ගෙන සිටින පලස්තීන භූමියෙහි අලුතින් යුදෙව් නිවාස දහස් ගණනක් ඉදිකිරීමේ සැලසුම් පිළිබඳව යළි සළකා බලන මෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමේ දැඩි බලපෑමක් ඊශ්‍රායල් බලධාරීන් කෙරෙහි එල්ල වෙමින් පවතී.

  නව නිවාස ව්‍යාපෘතියට විරෝධය දැක්වීම සඳහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ස්වීඩනය, එම රටවල සිටින ඊශ්‍රායල් තානාපතිවරුන් කැඳවන ලද බවයි වාර්තා වන්නේ.

මැදපෙරදිග අර්බුදය සඳහා විසඳුමක් වශයෙන් රාජ්‍ය දෙකක් පිළිගැනීමේ ගිවිසුමක් ඇතිකර ගැනීමට ඇති ඉඩකඩ කෙරෙහි ඉහත කී නව නිවාස ව්‍යාපෘතිය අනතුරක් වනබව පෙන්වා දෙන බ්‍රිතාන්‍යය, එම ඉදිකිරීම් දිගටම පෙරට ගෙන ගියහොත් ඊශ්‍රායලය දැඩි ජාත්‍යන්තර බලපෑමකට ලක් විය හැකැයි ද පවසයි.

රුසියාව, ජර්මනිය, සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඊශ්‍රායල් නිවාස ව්‍යාපෘතියට විරෝධය පළ කොට තිබේ.

අනාගත පලස්තීන රාජ්‍යයට ඇතුළත් භූමියෙන් අඩක්ම එම ව්‍යාපෘතිය නිසා තමන්ට අහිමි වන බවයි පලස්තීනය පෙන්වා දෙන්නේ.

බටහිර ඉවුරේදී පලස්තීන ජාතිකයකුට වෙඩිතබා මරා දැමූ බව, ෂින් බෙට් නම් ඊශ්‍රායල් ඔත්තු බැලීමේ ආයතනය මේ අතර ප්‍රකාශ කළේය.

තමන් ගමන්ගත් වාහනය එම පලස්තීන ජාතිකයාගේ මෝටර් රථයේ ගැටුන අවස්ථාවේ, ඔහු තමන්ට පොරවකින් පහර දුන් අතර තමන් ඔහුට වෙඩි තැබූ බවයි, ෂින් බෙට් ඔත්තු බලන්නන් පවසන්නේ.

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all