Photobucket

Tuesday, December 4, 2012

ඉන්දීය ධීවරයන් 37 ක්‌ සමඟ යාත්‍රා 5 ක්‌ පුල්මුඩේදී අල්ලයි

අනවසරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වූ ඉන්දීය ධීවරයන් 37 දෙනකු සමඟ ධීවර යාත්‍රා 05 ක්‌ පුල්මුඩේ මුහුදු තීරයේදී නාවික හමුදාව ඊයේ (03 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

මොවුන් මසුන් ඇල්ලීම සඳහා ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණ සිටි අය බව නාවික හමුදා ප්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය "දිවයින" ට පැවසීය.

මෙම පිරිස ත්‍රිකුණාමලය වරාය වෙත රැගෙන ඒමෙන් පසු වරාය පොලිසියට බාරදීමට නියමිතය.

ලසිත දුමින්ද - සමන් මල්ලවආරච්චි
දිවයින ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all