Photobucket

Tuesday, December 4, 2012

බෝම්බ උල්පිහි සමඟ වරෙන්තුකරුවෝ යතුරු පැදියක

අත්බෝම්බයක්, උල්පිහියක් සහිතව යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් තිදෙනෙක් පස්වරුවේ නාගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 

ලැබුණු තොරතුරකට අනුව (02) විමසිල්ලෙන් සිටි උප පොලිස් පරික්ෂක අනුර පුෂ්පකුමාර මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නාගොඩ පොලිස් වසමේ ගෝනලගොඩ ප්‍රදේශයේදීය. අත්අඩංගුව ගන්නා අවස්ථාවේ මෙම තුන්දෙනා එක් අයකු ළඟ අත්බෝම්බයක් සහ උල්පිහියක් ද තවත් අයකු ළඟ හෙරොයින් ග්‍රෑම් 2 සහ මිලිග්‍රෑම් 22 ක් ද තිබී ඇත. ගෝනලගොඩ ප්‍රදේශයේ නිවසකට ගිනි තබා රුපියල් 1,27000 ක් ඉක්මවූ අලාභයක් සිදුකිරීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් මෙයින් දෙදෙනෙකුට එරෙහි වරෙන්තු ඇති අතර අද (03) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ. 

ඒ නාගොඩවිතාන-තවලම  
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all