Photobucket

Tuesday, December 4, 2012

බහුජාතික සමාගම්වලට එරෙහිව දස ලක්ෂයක් අත්සන්

දුම්වැටි දවටන තුළ සියයට 80 ක් ආවරණය වන පරිදි රූපමය අවවාද අතුළත් කිරීමට සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙනා වැඩපිළිවෙලට එරෙහිව බහුජාතික සමාගම් පවරා ඇති නඩුවට විරෝධය පළ කරමින් අත්සන් දස ලක්ෂයක් ලබා ගැනීමේ වැඩ පිළිවෙලක් අද (03) ඇඩික් ආයතනය ආරම්භ කළේය.
 කොටුව දුම්රිය පොළ ඉදිරිපිට අද (03) උදේ ආරම්භ කළ මෙම අත්සන් ලබා ගැනීමේ වැඩ පිළිවෙල හෙට (04) සහ අනිද්දා (05) යන දෙදින තුළ පැවැත් වෙනු ඇත. මෙම අත්සන් දසලක්ෂයේ ලියවිල්ලට මූලින්ම අත්සන් තබන ලද්දේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය විසිනි.

ශ්‍රියානි විජේසිංහ
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all