Photobucket

Tuesday, December 4, 2012

දක්ෂිණ අධිවේගය අධික වේගයෙන්ම ඉදිරියට

දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය ජනතා අයිතියට පවරා නොවැම්බර් 27 දාට වසරක් සපිරිණි.
ගත වූ වසරක කාලයේ රථවාහන තිස්තුන් ලක්‍ෂ පනස් හත්දහස් නවසිය හැත්තෑපහක් අධිවේගී මාර්ගයේ ගමන් කර තිබේ.

එම වසරේ ලැබූ ආදායම රුපියල් මිලියන නවසිය පනහකි. මාර්ග නඩත්තුව සඳහා එම මුදලින් මිලියන 450ක් වැය කළ බව මහාමාර්ග නියෝජ්‍ය ඇමති නිර්මල කොතලාවල මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කර තිබේ.

අධිවේගී මාර්ගයේ ගත වූ වසර තුළ වාහන අනතුරු 479ක් වාර්තා විය. එයින් 24ක් බරපතළ ඒවා වෙයි. 3ක් මාර්ග අනතුරු වූ අතර 436ක් නිසා පාරට හානි සිදුවී තිබේ. ලබන වසර අවසාන වන්නට කලින් දක්‍ෂිණ ලංකා අධිවේගී මාර්ගය මාතර දක්වා දීර්ඝ කරනු ඇත. ඒ සමඟම කටුනායක කොළඹ, කොළඹ මහනුවර, මාතර හම්බන්තොට අධිවේගී මාර්ගවල වැඩ ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.

අධිවේගී මාර්ග සංස්කෘතිය ශශ්‍රී ලංකාවට අලුත්ම අත්දැකීමකි. අධිවේගී මාර්ගයේ අලුත් අත්දැකීම් ලබාගත් අය රාත්‍රී 7ට පමණ කොට්ටාවෙන් අධිවේගයට ප්‍රවිෂ්ට වී මාතර ගොස් මඟුලකට මරණයකට සහභාගි වී රාත්‍රී 12ට කලින් ආපසු ගෙදරට ළඟාවීමේ පහසුකම් උදාකරගෙන තිබේ. අධිවේගී මාර්ගය විවෘත කළ පසු එයට හරස් වන ඊර්ෂ්‍යාකාරයෝ ද සිටියහ.

හැමදෙයක්ම දේශපාලන කෝණයෙන් බලන පුරුද්ද අත්හැර නැති අය ඊර්ෂ්‍යා සහගතව මාර්ගයේ දොස් කියන්නට පටන් ගත්හ. සමහරු හා හා පුරා මාර්ගයේ ගොස් පැමිණ පාර ගැස්සෙන බව කීහ. සමහරු ගැස්සෙන කතාව ප්‍රසිද්ධියේ කීවේ නැත්තේ මෝඩ කතා කීමේ ප්‍රතිඵල දන්නා නිසාය. තවත් මෝඩ පිරිසක් අධිවේගී මඟ දෙපස සැගවී සිට පාරේ යන වාහනවලට ගල් ගැසූහ. 

දැන් ඒ සියල්ල නිමාවට පත්වී ඇත්තේ අධිවේගී මාර්ගයට බාධා කළ අයටම ලැජ්ජා හිතුණ නිසා විය හැකිය. අලුත් යමක් රටට හඳුන්වා දුන් අලුතම මෙවැනි තත්ත්වයක් ඇතිවන්නේ දේ්ශපාලන කුහකකම නිසා මිස වෙනත් හේතුවක් නිසා නොවේ.

රට සංවර්ධනය කරා යන ගමනේ දී ගාටන්නට කවුරුත් කැමති නැත. විශේෂයෙන් ව්‍යපාරික කටයුතුවලට පෙලඹෙන අය කාලය ඉතිරි කරගෙන වේලපහෙන්ම ගෙදර යන්නේ තවත් වැඩ ගොඩක් ඇති නිසාය. වරාය, ගුවන්තොටුපොළ, අධිවේගී මාර්ග රටේ විවෘත වන විට 2014 දී ආණ්ඩු බලය ගන්නට සිහින මවන එක්සත් ජාතික පක්‍ෂයට කරන්නට අලුතින් යමක් ඉතිරි නොවනු ඇත.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all