Photobucket

Tuesday, December 4, 2012

පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි බෙදා දීමේ උළෙල අද

රට පුරා පාසල් දරුවන්ට ලබන වසර සඳහා නිල ඇඳුම් රෙදි බෙදාහැරීමේ ජාතික උත්සවය අද (4 දා) උදේ 10.00 ට පොලොන්නරුව රාජකීය විද්‍යාලයේදී පැවැත්වේ.

හතළිස්‌ ලක්‍ෂයකට ආසන්න පාසල් දරුවන් වෙනුවෙන් නිල ඇඳුම් රෙදි මීටර් මිලියන 110 ක්‌ බෙදාහැරෙන අතර ඒ සඳහා මෙවර රුපියල් මිලියන 1800 කට අධික මුදලක්‌ වැයකර තිබේ.

බෙදාහැරීමේ ජාතික උත්සවය අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර නියෝජ්‍ය ඇමැති විජිත් විජයමුණි සොයිසා මහතා ඇතුළු පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වෙති.

නිලන්ත මදුරාවල
දිවයින ඇසුරින් පලකරන ලදී.
 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all