Photobucket

Tuesday, December 4, 2012

මුහුද බිලිගත් හිමිනමගේ දේහය මෝදර ධීවර වරායේ

පානදුර නල්ලූරුව මුහුදු වෙරළේ සැඩ රළ පහරට ගසා ගෙන ගොස් අතුරුදන්ව තිබූ ස්වාමීන්වහන්සේගේ දේහය පානදුර මෝදර ධීවර වරාය අසලට ගොඩ ගසා තිබියදී අද (03) පෙරවරුවේ සොයා ගෙන ඇත. අවාසනාවන්තඅන්දමින් සැඩ රළ පාරට හසුවීමෙන් අපවත් වී වදාළේ පානදුර ගොරකාන විධ්‍යාරාජ පිරිවෙන්හි අධ්‍යාපනය හදාරමින් සිටි දාහත් හැවිරිදි බුද්ධම සුමංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේයි. පිරිවෙන්හි ගුරු සිසු හිමිවරුන් සහ තවත් පිරිසක් සමඟ පානදුර නල්ලූරුව මුහුදු වෙරළට පැමිණ දිය නාමින් සිටියදී සැඩ පහරට හසුව ගසා ගෙන ගොස් ඇති අතර උන්වහන්සේ ගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් දැඩි ප්‍රයත්නයක යෙදුනද එය ව්‍යවර්ථ වී තිබේ. 

ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all