Photobucket

Tuesday, December 4, 2012

සෞදියේ කඳවුරු දෙකක ශ්‍රී ලාංකික කතුන් 500කට අධික පිරිසක්‌ දුක්‌ විඳිනවා

තනාපති කාර්යාලයෙන් කිසිම සොයා බැලීමක්‌ නෑ
සෞදි ගොස්‌ පැමිණි ධම්මිකා කියයි
 
සෞදි අරාබියේ ගෘහ සේවය සඳහා ගොස්‌ ඇති බොහෝ කාන්තාවන් විවිධ තාඩන පීඩනයන්ට ලක්‌ව අපා දුක්‌ විඳිමින් සිටි බවත් කඳවුරු දෙකක 500 කට වැඩි සිංහල දෙමළ මුස්‌ලිම් කාන්තාවන් සිටින බවත් ඔවුන් වහාම මෙරටට ගෙන්වා දීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එම කඳවුරක සිට මෙරටට පැමිණි ඒ. ධම්මිකා මහත්මිය ප්‍රකාශ කළාය.

වැලිඔය, ජනකපුර පදිංචි පස්‌ දරු මවක වන මල්ලිකා මහත්මිය මේ බව පැවසුවේ සෞදි රැකියාවට ගොස්‌ මියගිය සීsගිරිය බටුයාය එම්. සමන්ති මහත්මියගේ අවමඟුල් උත්සවයට සහභාගි වෙමිනි.

ඇය මෙසේද කීවාය.

මියගිය සමන්ති ගැන මම ජනමාධ්‍ය මගින් තොරතුරු දැනගත්තා. මම සෞදි ගිහිල්ලා "ඔලෙයියා" කඳවුරේ ඉඳලා උපක්‍රමශීලීව බේරිලා ආවා. දැනට දින 2-3 ක්‌ වෙනවා ඇවිල්ලා. ඔලෙයියා කඳවුරේ මියගිය සමන්ති හිsටියා. තවත් කඳවුරක්‌ තියෙනවා. "විලා" නමින් ඒ දෙකේම සිංහල, දෙමළ, මුස්‌ලම් කාන්තාවෝ 500 ක්‌ විතර ඉන්නවා. ඔවුනට හරියට කෑමක්‌ බීමක්‌ නැහැ. සනීපාරක්‌ෂක පහසුකම් ප්‍රමාණවත් නැහැ. සෞඛ්‍ය පහසුම් නැහැ. සමහරුන් රෝගී වෙලා ඇතැමුන්ගේ මානසික ගැටලු උත්සන්න වෙලා. හැමෝම වාගේ ඇඬූ කඳුළින් ඉන්නේ.

කඳවුරේ ආරක්‌ෂාවට සෞදි පොලිසිය යොදවලා ඉන්නවා. අපේ තානාපති කාර්යාලයේ කීප දෙනෙක්‌ ඉන්නවා. අපේ දුක්‌ කඳුළුවලට ඔවුන් ඇහුම්කන් දෙන්නේ නැහැ.මොනව හරි ගැටලුවක්‌ ඉදිරිපත් කළොත් බැනලා එළවනවා. තානාපති කාර්යාලයත් එහෙමයි. අපේ රටේ කාන්තාවෝ ගැන කිසිම සොයා බැලීමක්‌ කරන්නේ නැහැ.

වැටුප් නොගෙවීම, විවිධ තාඩන පීඩන ඉවසා ගන්න බැරිව වගේම බාබලාගේ ලිංගික අතවර දරා ගැනීමට නොහැකිව කාන්තාවෝ එම නිවෙස්‌වලින් පැනලා එනවා. එවිට පොලිසියෙන් අල්ලලා මේ කඳවුරට ගෙනත් දානවා. නිවෙස්‌ හිමි බාබලා පාස්‌පොට්‌, වීසා, ගෙනවිත් දෙනකන් කඳවුරේ ඉන්න ඕන. සමහර හාම්පුතුන් ගෙනත් දෙනවා. සමහරුන් ගෙනවිත් දෙන්නේ නැහැ. එතකොට ඒ රටින් පිටවෙන්න බැහැ.

කඳවුරු භාරව සිටින පොලිස්‌ නිලධාරීන්ට මුදල් දීලා කඳවුරේ ඉන්න කාන්තාවෝ අරන් යනවා. ඒ වැඩේට අපේ තානාපති කාර්යාලයේ ඇතැම් නිලධාරීනුත් උදව් කරනවා. එහෙම අරන් යන කාන්තාවන්ට සිද්ධ වෙන්නේ මොනවද කියලා දෙයියෝ තමා දන්නේ.

අපි මේවා සියල්ල වීඩියෝ කරලා තියෙනවා. ඒ වුණාට මේ රටට එනකොට අපේ ජංගම දුරකථනවල සිම් කාඩ්පත් එම්බසියෙන් ගලවා ගන්නවා.

මම අවස්‌ථා තුනක්‌ මැදපෙරදිග ගිහිල්ලා තියෙනවා. මට දරුවන් පස්‌ දෙනා රකින්න ඕනෑ. මේ පාර සෞදි ගිහිල්ලා මාස පහෙන් එන්න වුණා. ඒ රටේ අපේ කාන්තාවන්ට සලකන්නේ ඉතාම නරක විදිහට. ඒ නිසා මම රජයෙන් ඉල්ලා සිටිනවා. සෞදි රාජ්‍යයට අපේ රටේ කාන්තාවන් යවන එක නතර කරන්න කියලා ඇය වැඩිදුරටත් එසේ පැවසුවාය.

දිවයින ඇසුරින් පලකරන ලදී. 
සීගිරිය - සරත් එරමිණි ගම්මන  
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all