Photobucket

Tuesday, December 4, 2012

මරදන්කඩවල තිදෙනෙක් අමුතු අඩව්වක් අල්ලලා

තිරප්පනය නගරයේ සේවයේ යෙදී සිටි මාර්ග නඩත්තු කම්කරුවකු සතුව තිබූ සංඥා පුවරුවක් පැහැරගෙන ගොස් තිරප්පනය පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බවට පුද්ගලයන් තිදෙනෙකු ඊයේ (02) තිරප්පනය පොලිසිය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 

 සැකකරුවන් කැකිරාව දෙසසිට තිරප්පනය හරහා ලොරි රථයකින් අනුරාධපුර දෙසට ගමන් කර ඇති අතර තිරප්පනය නගරය ආසන්නයේදී ඒ නමය මාර්ගය අළුත් වැඩියා කරන නිසා එක් මන්තීරුවක පමණක් රථ වාහන ධානය වී ඇත. සැකකරුවන්ට ඉදිරියට නොයන ලෙස මාර්ග කම් කරුවා සංඥා ලබාදුන් අවස්ථාවේ ඔවුන් කම්කරුවා සතුවූ සංඥා පුවරුව පැහැරගෙන ‍පලාගොස් ඇත. 

ලොරියෙන් පැමිණි පිරිස සංඤා පුවරුව පැහැරගෙන යාම නිසා කම්කරුවා සතුව තිබූ රේඩියෝ සංඥා උපකරණයෙන් ඒ බව පොලිසියට දන්වා ඇති අතර ඒ9 මාර්ගයේ රථ වාහන රාජකාරියේ නිරත වූ සැරයෙන් වරයෙකු ඔවුන් ගමන්ගත් ලොරි රථය නැවැත්වූ අවස්ථාවේ ඔවුන් සැරයන් වරයාටද පහර දී පලා යාමට උත්සහ කළත් අත්අඩංගුවට පත්වී ඇත. අත්අඩංගුවට පත්ව ඇත්තේ මරදන් කඩවල පදිංචි තිදෙනෙකි. ලොරියේ රියදුරා හැර සෙසු සැකකරුවන් අධික ලෙස බීමත්ව සිටි බවද පොලිසිය පවසයි. ලොරි රථයක් රියදුරාත් පොලිසිය මුදාහැර ඇති අතර සැකකරුවන් දෙදෙනෙකු අද (03) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය. 
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all