Photobucket

Tuesday, December 4, 2012

2012 නොබෙල් තෑග්ග යුරෝපා සංගමයට දෙනවාට අගරදගුරු ටුටූගේ විරෝධය

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය යුරෝපා සංගමයට පිරිනැමීමට ගෙන ඇති තීරණයට එරෙහිව අගරදගුරු ඩෙස්මන්ඩ් ටුටු ඇතුළු තවත් නොබෙල් සාම ත්‍යාගලාභීන් දෙදෙනකු එම නොබෙල් සම්මාන පදනම වෙත විවෘත ලිපියක් යොමු කර තිබේ.

ඇල්ෆ්‍රඩ් නොබෙල් සිය අන්තිම කැමැත්ත ලියන අවස්ථාවේ ඔහුගේ හිතේ තිබුණු සාම නායකත්වය පැහැදිලිව ම යුරෝපා සංගමය සතුව නැතැයි එම ලිපියේ සඳහන් වේ.

මේ ලිපියට 1976 සාම ත්‍යාගය දිනා ගත් උතුරු අයර්ලන්තයේ මායිරීඩ් මැගුවර් හා 1980 සාම ත්‍යාගය හිමි ආර්ජන්ටිනාවේ ඇඩොල්ෆෝ පෙරේස් එස්කුයිවල් ද අස්සන් තබා ඇත.

වර්ෂ 1986 දී මිය ගිය නොබෙල් ගේ පැතුමන් හා අපේක්ෂාවන්ට නෝර්වීජියානු ‍ නොබෙල් සම්මාන කමිටුව ගරු කළ යුතු බව පෙන්වා දෙන එම ලිපිය ඊට අදාළ නීතිවලට අනුගත නොවන පරිද්දෙන් ඔවුන් එම ත්‍යාගය ප්‍රතිනිර්වචනයකට හා ප්‍රති ආකෘතියකට ලක් කර ඇතැයි සඳහන් කර ඇත.

මේ අනුව යුරෝ 930000ක එම සාම ත්‍යාගය යුරෝපා සංගමට ලබා නොදෙන ලෙස ඉහත කී තිදෙනා ඉල්ලා ඇත.
 
ස්ටොක්හෝම්-ඒ.එෆ්.පි
දිනමිණ ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all