සිංගප්පූරු සික්ස් නේෂන් නෙට්බෝල් තරගාවලියේ ශ්‍රී ලංකාවට වැදගත්ම තරගයෙන්
මැලේසියාව ඉදිරියේ ලකුණු 66-73කින් පරාජයට පත්විය.

මෙයට මාස තුනකට කලින් කොළඹදී පැවැති ආසියානු නෙට්බෝල් ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉතා පහසුවෙන් මැලේසියාව පරාජය කළද,ඊයේ එවැනි ප්‍රතිඵලයක් පේන තෙක් මානයේ නොතිබුණි.
ආසියානු නෙට්බෝල් ශූරතාවලියට එක්වූ මැලේසියානු පිලේ ක්‍රීඩිකාවන් සිවු දෙනෙකු හැර අනෙක් සියලු දෙනා නවක ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පා පිළිබද නීති කැඩීම,නිසි පරිදි පන්දු යොමු කිරීමට අසමත් වීමෙන් මැලේසියාවට අමතර වාසි අත්කරදීම හා ගෝල් ෂූටර් තර්ජනී සිවලිංගම්ට පන්දුව කල් යල් බලා යොමු නොකිරීම පරාජය වැල ගැනීමට ප්‍රධානතම හේතු විය.
එමෙන්ම තරගයේ වරින් වර අධික වෙහෙසකර බවක් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් දක්නට ලැබීමද මැලේසියාව වාසියක් කර ගත්තේය. තරගයේ පළමු කාර්තුවේදී 19-14ක් ලෙස මැලේසියාව ඉදිරියෙන් සිටි අතර දෙවැනි කාර්තුවේදී 22-16ක් ලෙස ශක්තිමත් විය.
මැලේසියානු පිලේ සිදුවූ නීති විරෝධී ක්‍රියා තුනක් හේතුවෙන් ලැබූ වාසියද සමග තෙවැනි කාර්තුවේදී 18-15ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 3කින් පෙරමුණ ගත්හ.අවසන් කාර්තුවේදී ලකුණකින් පෙරට පැමිණ 18-17ක් ලෙස තරගය නිම කළද සමස්ත ලකුණු තත්ත්වය පරාජිත එකක් විය.
ප්‍රින්ස් ගුණසේකර
සිංගප්පූරුවේ සිට...
සිංගප්පූරුවේ සිට...
0 comments:
Post a Comment