Photobucket

Monday, December 3, 2012

පුංචි අපට ඉන්න දෙන්න

ළමා හිංසනය, අපයෝජනය සහ අපචාර පිටුදැකීමේ දැවැන්ත පා ගමනක් 02 දා රත්තොට නගරයේදී පැවැක්වුණි. රත්තොට පොලිස් ස්ථානයේ උපදේශක කමිටුව , රත්තොට හින්දු මහා විද්‍යාලයේ සිසු දරුවන්ගේ මව්පිය සංගමය මහනුවර මානව හිමිකම් කාර්යාලයේ සහාය ඇතිව සංවිධාන කළ පාගමන අවසානයේදී සිවිල් ප‍්‍රඡුාව සහභාගිවූ සම්මන්ත‍්‍රණයක් රත්තොට පුරහලේදී පැවැත්විණ .

    රත්තොට ප‍්‍රාදේශීය සභාවේ සභාපති දේශමාන්‍ය ආචාර්ය ටී.ඞී.ජයතිස්ස මහතා , මහනුවර මානව හිමිකම් කාර්යාලයේ අධ්‍යක්‍ෂ නන්දන මනතුංග පියනම රත්තොට පොලිස් මහජන සම්බන්ධතා අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක කේ.ජි.කුලතුංග මහතා ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂිකා දිලානි විජේරත්න මහත්මිය ඇතුලූ ගිහි පැවිදි ප‍්‍රභූවරුන් සහ මව්පියන් දරුවන් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ .

හේවා පී . කරුණාරත්න - මාතලේ දිස්ති‍්‍රක් 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all