Photobucket

Monday, December 3, 2012

බිම් බෝම්බ ඉවත් කිරීමට ඇත්තේ වර්ග කිලෝ මීටර 108ක පමණයි

මානුෂීය බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩසටහන යටතේ, පසුගිය සැප්තැම්බර් වන විට බිම් බෝම්බ ඉවත් කිරීමට ඇති බිම් ප්‍රමාණය වර්ග කිලෝ මීටර 108 දක්වා අඩුවී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

යුධ ගැටුම් නිමාවීමත් සමඟ ජනතාව නැවත පදිංචි කිරීමට බිම් බෝම්බ බාධාවක් වී ඇත. ඒ අනුව රජය බිම් බෝම්බ ඉවත් කිරීමට ප්‍රමුඛතාවක් ලබාදී ඇත.

සැප්තැම්බර් වන විට බිම් බෝම්බ ඉවත්කර ඇති බිම් ප්‍රමාණය වර්ග මීටර 1,953,621,577කි.

වසර 2009 වනවිට වර්ග කිලෝමීටර 2061ක භූමි ප්‍රමාණයක බිම්බෝම්බ විසිරී පැවැති බවත් රජය ක්‍රියාත්මක කළ මනුෂවාදී බිම්බෝම්බ ඉවත්කිරීමේ වැඩසටහන නිසා සැප්තැම්බර් 30 වනවිට එම භූමි ප්‍රමාණය වර්ග කිලෝ මීටර 108 දක්වා අඩුකරගැනීමට හැකි වී ඇත.

මවුබිම ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all