Photobucket

Monday, December 3, 2012

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන් සංඛ්‍යාව 'වැඩිවෙලා'

එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පාලනය කිරීමට බොහෝ අසල්වැසි රටවල් සමත් වී සිටියදී ශ්‍රී ලංකාවේ ඒඩ්ස් ආසාදිතයන්ගේ ඉහල යමින් තිබෙන බව වෛද්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති.

යූඑන්ඒඩ්ස් (UNAIDS) හෙවත් ඒඩ්ස් මර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන උපුටා දක්වමින් ලිංගාශ්‍රිතව බෝවන රෝග සහ ඒඩ්ස් පිලිබඳ මධ්‍යස්ථානයේ වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ඒ බව පැවසුවේ බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.
එක්සත් ජාතීන් පවසන අන්දමට, ලොවපුරාම අලුත් ඒඩ්ස් ආසාදිතයන්ගේ ප්‍රමාණය පහල යමින් තිබියදී ආසාදනය සියයට 25 කින් වැඩිවන රටවල් නමය අතරට ශ්‍රී ලංකාව ද එක්වන බව ඔහු පෙන්වා දෙයි.

"2012 තමයි එච්අයිවී ආසාදිතයන් වැඩිම වශයෙන් වාර්තා වුනු අවුරුද්ද. මාසයකට 15 ක් තරම් ඉහලයි. මේක හොඳ නැහැ. මේ තරම් කාලෙකට අපි මේ වගේ තැනකට ගියේ නැහැ," වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි පැවසීය.

මේ වනවිට ශ්‍රී ලංකාවේදී එච්අයිවී ඒඩ්ස් ආසාදිතයන් 275 ක් මියගොස් සිටින අතර තවත් ආසාදිතයන් 4200ක් ශ්‍රී ලංකාවේ වාසය කරන බවයි ඇස්තමේන්තු කෙරෙන්නේ.

ශ්‍රී ලංකාවේ ආසාදිතයන් ඉහල යද්දී ඉන්දියාව, තායිලන්තය, මියන්මාරය, නේපාලය වැනි රටවල් ආසාදිතයන්ගේ ප්‍රමාණය 50% කින් හෝ ඊටත් වඩා ප්‍රමාණයකින් ආසාදන වර්ධනයේ පහල යාමක් දක්වන රටවල් ලෙසින් එක්සත් ජාතීන් විසින් හඳුනාගෙන තිබියදීයි.

එච්අයිවී ඒඩ්ස් වසංගතයේ ආදීනව පිළිබඳව ශ්‍රී ලංකාවේ තරුණ කොටස් ඇතුළු ජනතාව දැනුවත් කිරීම අඩුවීම මෙයට එක හේතුවක් විය හැකි බවයි, වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි ප්‍රකාශ කරන්නේ.
ලෝක ඒඩ්ස් දිනය දෙසැම්බර් 01 වැනිදාට යෙදී තිබිණ.

බීබීසී වෙබ් අඩවි ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all