Photobucket

Monday, December 3, 2012

සරසවි ඇදුරන් නැවතත් සාකච්ඡාවක්

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා රජයේ නියෝජිතයන් හා විශ්වවිද්‍යාල  ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක්  (03) පැවැත්වේ. 

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ, උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බි. දිසානායක හා උසස් අධ්‍යාපන  අමාත්‍යංශයේ නියෝජිතයන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් අතර මෙම සාකච්ඡාව පැවැත්වෙයි. අයවැය යෝජනා මගින් ලබාදී ඇති සහන පිළිබඳව මෙන්ම රජය සමග ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මකවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ‘ලක්බිම’ට පැවැසීය.
 
සංජය නල්ලපෙරුම 
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all