Photobucket

Monday, December 3, 2012

මහාචාර්ය කාලෝ ෆොන්සේකා

චාල්ස් ඩාවින් විසින් ජීවීන්ගේ පරිණාමය ලොවට හඳුන්වා දෙමින් ග්‍රන්ථාරූඪ කරන ලද The Origin of Species සමගින් පොතකින් පිටුවක් හා එක්වන්නේ මහාචාර්ය කාලෝ ෆොන්සේකා.
කායික විද්‍යා විශේෂඥ කාලෝ ෆොන්සේකා මුලික අධ්‍යාපනය හදාළේ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයෙන්. කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ ද්විතීයික අධ්‍යාපනය හමාර කොට ඔහු වෛද්‍ය විද්‍යාර්ථියකු ලෙසින් කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වුයේ පළමු උපාධිය සඳහා. වර්ධක හෝමෝන සම්බන්ධයෙන් කළ නිබන්ධනයකටයි ස්කොට්ලන්තයේ එඩින්බරා විශ්ව විද්‍යාලය ඔහු ආචාර්ය උපාධියෙන් පුද කළේ. වෛද්‍ය විද්‍යාවේ මූලික සිද්ධාන්ත වසර ගණනාවක් තිස්සේ ඉගැන්වූ ඇදුරුතුමෙක් කාලෝ. විද්‍යාත්මක ආකල්ප ලාංකේය ජනතාව වෙත ගෙන ඒමේ අරමුණින් ඒබ්‍රහම් ටී කොවුර් විසින් හැටේ දශකයේදී පිහිටුවන ලද හේතුවාදී සංගමයේ පුරෝගාමී සාමාජිකයකු වූ කාලෝ ෆොන්සේකා, අද දුම්කොළ හා මධ්‍යසාර අධිකාරියේ සභාපති වරයායි. චාල්ස් ඩාවින් 1859 දී එළි දැක්වූ Origin of species ග්‍රන්ථයේ පළමු මුද්‍රණයේ පිටපතකුයි ලංකා සම සමාජ පක්ෂයේ මුල් පෙළේ ක්‍රියාධරයකු වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා අත ඇත්තේ. තමන් ලියු ගීත සමුච්චයක් කාලෝ ෆොන්සේකා විසින් එළි දක්වා ඇත්තේ 'කාලෝචිත ගී' නමින්
.
චාල්ස් ඩාවින්

ඉංග්‍රීසි ජාතික ස්වභාව විද්‍යාඥ චාල්ස් ඩාවින් වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා මුලින්ම සරසවි ගියේ කාලෝ ෆොන්සේකා හට ආචාර්ය උපාධිය ප්‍රදානය කළ එඩින්බරා විශ්ව විද්‍යාලයට. දෙවසරක් තුළ දී උගැන්ම අත් හළ ඩාවින් කේම්බ්‍රිජ් සරසවියට ඇතුල් වූවත් ආකාරගත අධ්‍යාපනය ඔහුගේ සිත් ගත්තේ නැහැ. හැත්තෑ තුන් වැනි වියේදී හෘදයාබාධයකින් මිය යන විට චාල්ස් ඩාවින් විසින් පළ කොට තිබු කෘති සංඛ්‍යාව විසිපහ ඉක්මවයි. 1831 දී සරසවියෙන් පිටවූ ඔහු ඒ වසරේ දෙසැම්බරයේ බ්‍රිතාන්‍යයෙන් දියත් කළ බීගල් නෞකාවේ පස් වසරක් පුරා යාත්‍රා කොට දේශ දීපාන්තර වලින් එක් රැස් කොට ගත් දත්ත ඇසුරින් කළ යුගකාරක ග්‍රන්ථයයි The Origin of Species

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පල කරන ලදී..
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all