Photobucket

Friday, December 28, 2012

කන්තලේ දී පුපුරා ගිය අකුණකින් මවක් සහ දියණියන් දෙදෙනකුට බරපතළයි

විදුලි උපකරණත් උණු වෙයි

තවමත් නොකඩවා ඇදහැලෙන ධාරානිපාත වැසි ඔස්සේ  (26) රාත්‍රි 8.30 ට පමණ හිටි හැටියේ වැදුණු අකුණු සරයක් හේතුවෙන් කන්තලේ වෙන්ඩ්‍රාසන්පුර ජනපදයේ නිවසක රාත්‍රි ආහාරය ගනිමින් සිටි මවකට, ඇගේ දියණියකට හා අසල්වාසී තවත් කුඩා දියණියකට ඇතිවූ තුවාල හා කම්පනය හේතුවෙන් කන්තලේ මූලික රෝහලේ ප්‍රතිකාර ගනිමින් පසුවේ.

නිවසේ තිබූ රූපවාහිනි යන්ත්‍රයක් හා කැසට් රෙකෝඩරයක් ද තවත් බඩු භාණ්ඩ රාශියක් ද සුන්වී ඇති අතර, එම ටීවී එක හා කැසට් රෙකෝඩරය අසලම ඇඳ උඩ රාත්‍රි කෑම ගනිමින් සිටි මෙම තිදෙනාගේ ජීවිත බේරී ඇත්තේ හාස්කමකින් මෙනි. මෙම අකුණු සරට එම නිවස අසල අනෙක් නිවාස කීපයක ද ටී. වී., කැසට්, ශීතකරණ විනාශ වී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all