Photobucket

Friday, December 28, 2012

ටී 56 ගිනි අවියක් - පතුරම් 30ක් සමඟ ප්‍රභූ ආරක්ෂකයා අත්අඩංගුවට

ප්‍රභූ ආරක්ෂක අංශයේ සේවයට අනුයුක්ත බැව් කියන යුද හමුදා සෙබළකු, ටී 56 ස්වයංක්‍රීය ගිනි අවියක් හා පතුරම් 30 ක් සහිත පතුරම් මැගසිනයක් අනවසරයෙන් රැගෙන කුලියාපිටියේ ඇඹව, වැලි ආගාරවත්ත තම ගම් ප්‍රදේශයට ඉකුත් 26 වැනිදා රාත්‍රී පැමිණ සිටියදී ඒ සම්බන්ධයෙන් ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වූ කුලියාපිටිය පොලිසියේ නිලධාරී කණ්ඩායමක් සැකකාර යුද සෙබළා ස්වයංක්‍රීය ගිනි අවිය හා පතුරම් සමඟ අත්අඩංගුවට ගනු ලැබ ඇත.

 මෙම මෙහෙයුමට යුද හමුදා පොලිසියේ නිලධාරී පිරිසක් ද එක්ව සිටියහ.

දෙවන ගජබා රෙජිමේන්තුවේ සෙබළකු වන සැකකරු 24 හැවිරිදි විවාහකයකු වන අතර, වයස අවුරුදු 1 1/2ක පමණ දරුවකුගේ පියෙකි.

කිසියම් අපරාධයකට යොදා ගැනීම සඳහා සැකකරු පතුරම් සහිත ස්වයංක්‍රීය ගිනි අවිය රැගෙන එන්නට ඇත්දැයි යන සැකය මත පොලිසිය සැකකරු ගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු පවසා ඇත්තේ තමා ණය තුරුස්වලින් මිරිකී පත්ව සිටින දැඩි දුෂ්කරතාවයන් ගෙන් මිදීමට එකම පියවර ලෙස මුදල් මංකොල්ලයක යෙදීම බැව් තීරණය කොට ඒ සඳහා උපයෝගී කැර ගැනීමේ අරමුණින් එම ස්වයංක්‍රීය ගිනි අවිය පතුරම් මැගසිනයද සමඟ අනවසරයෙන් රැගෙන ආ බවයි.

සැකකරු ඉකුත් 26 වැනිදා රාත්‍රී 9 ට පමණ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත්තේ කුලියාපිටිය පහළ පිදුම ප්‍රදේශයේ ඔහුගේ මිතුරෙකුගේ නිවසේ සිටියදීය.

සැකකරු  (27) දින කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කුලියාපිටිය පොලිස් අධිකාරී දිනේෂ් කරුණානායක මහතා ගේ උපදෙස් මත, සැකකාර පොලිස් අධිකාරී (අංක 1) සුගත් ගලගමගේ, කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො. ප. අශෝක ගුණසේකර, පො.ප. විජිතකුමාර යන මහත්වරුන් ඇතුළු පොලිස් කණ්ඩායමක් හා යුදහමුදා පොලිසියේ කපිතාන් ප්‍රේමරත්න මහතා ඇතුළු යුද හමුදා පොලිස් පිරිසක් සැකකරු අත්අඩංගුවට ගැනීමේ ෂ;ශ්ෂ මෙහෙයුමට එක්ව සිටියහ.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all