කහටගස්දිගිලිය, රත්මල්ගහවැව, කිරිගල්වැව ගම්මානයට සහ තිරප්පනේ
ප්‍රදේශයට ඊයේ (27) කහ වැසි ඇදහැලුණු බව එම ප්‍රදේශවාසීහු පවසති.
පුරා විනාඩි විස්සක කාලයක් මෙම වැස්ස පැවති බවත්, මීටර් 200ක පමණ ප්‍රදේශයකට කහ
වැස්ස පතිත වූ බවත් කිරිගල්වැව ග්‍රාම නිලධාරී බන්ධුල යාපා මහතා කටහගස්දිගිලිය
ප්‍රාදේශීය ලේකම් එන්. එම් . ආර්. නිශාන්ත මහතා වෙත වාර්තා කැර ඇත.
නිවැසියන් මේ කහ පැහැති වර්ෂා ජලය සිය නිවෙස්වල රැස් කැර තබාගෙන තිබේ.
තිරප්පනේ ප්‍රදේශයට ද ඊයේ උදෑසන කාලයේ ඇදහැලුනු කහ වැස්සත් සමඟ ජනතාව මහත්
බියකට පත්ව සිටිති.
තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අක්කර පනහ (50), ඇතුන්ගම, ලබුනෝරුව යන
ගම්මානවල තැනින් තැනට කහවැසි ලැබී ඇත. එම ගම්මානවල පානීය ජලය ලබා ගන්නා ළිං හා
ජල ටැංකි වලට ද මෙම කහ පැහැති ජලය මිශ්‍ර වී තිබේ.
එම ජලය පරිභෝජනයට ජනතාව බියක් දැක්වීම සමඟ ප්‍රදේශයේ උග්‍ර පානීය ජල හිඟයක්
ද මතුව ඇත. කුඩා දරුවන් නිතර වතුර අතපත ගාන බැවින් දරුවන් ලෙඩවිය හැකි යැයිද
ඔවුහු බිය පළකරති.
තද වර්ෂාවක් පවතින අවස්ථාවේ දී ප්‍රදේශයේ තැනින් තැන නිවාස කිහිපයකට පමණක්
මෙම කහ වැස්ස ඇද හැලීම ජනතාවගේ විමතියට හේතු වී ඇති අතර එම කහ වැස්ස ම¼ඟින්
ජනතාවට අහිතකැර බලපෑම් ඇතිවෙතැයි ඔවුහු බියෙන් පසුවෙති.
මේ අතර පොළොන්නරුවේ ඕනෑගම, මින්නේරිය, බුද්ධයාය, හිඟුරයාය ප්‍රදේශවලට ද
කහ වැසි ලැබී ඇත.
0 comments:
Post a Comment