මිනිපිරියගේ ගෙලට තැනූ මාලය පැළදවීමට
පෙරුම් පිරූ මිත්තනියක පස් කන්දකට යටවී පණ පිටින් වැළලි යාමෙන් රත්තොට
වෙලන්ගහවත්ත, කඩමුදුන ගම්මානට කදුලූ ගංගාවක් බවට පත්විය . රත්තොට
වෙලන්ගහවත්ත කඩමුදුන ගමට ඉහළින් හමා ගිය චන්ඩ වැහි කෝඩය විසින් ඇය ඉකුත්
දෙසැම්බර් 17 දින අලූයම මෙම අවාසනාවන්ත ඉරණමට ගොදුරු කර තිබුණි.
වෙලන්ගහවත්ත,
කඩමුදුන ගමේ ඒ.ජී.කරුණාවතී ( 50)නම් වූ දෙදරු මව 2012 වප් මහේ මහ වැස්සේ
පළමු බිල්ල බවට පත්වීමේ පුවත ක්‍ෂණයකින් පැතිර ගියේ අකාරුණික වූ අනෝරා
වැස්ස හෙණ ගෙඩි පාත් කරන්නාක් මෙන් රත්තොට ප‍්‍රදේශයේ ජීවිත හා දේපොල විනාශ
කරමින් තිබියදීය.
බාල පුතණුවන්ගේ දියණිය හා පුරා කියමින්
පාසල් යන දවස දකින්නට පෙරුම් පුරමින් සිටි කරුණාවතී මිනිපිරියගේ කණට තෝඩු
සහ කරට මාලයක් තැනුවාය . රන් හා සමාන මිනිපිරිය අනින් බැබලවීම ඇයගේ එකම
ප්‍්‍රර්ථනය විය. හෙලූ දහඩිය රන් බවට පත් කළ කරුණාවතී පුංචි මිනිපිරියගේ
කණට තෝඩු සහ ගෙළට මාලයක් තැනුවේ කිසිවෙකුගේත් ඇස නොගැටෙන තැනක ඒවා සගවා
තැබුවාය. අකාරුණිකවූ මහ වැස්ස කඩමුදුන මහ පොළොවට පතිත වෙද්දී ඇගේ නිවසට
ඉහළින් ඉරි තලා යන්නට විය.
පස් කන්ද කඩා වැටීමේ අවදානමක අනතුර දැනුනු
හෙයින් ඇය නිවසින් පිටව යාමට සූදානම් වූවාය. මිනිපිරියට තැනූ රන් මාලය අතැර
යාමට ඇයට සිත් දුන්නේ නැත. පස් කන්ද කඩා වැටෙන හඩට කන් දෙමින් ඇය තැබූ පය
ආපස්සට ගත්තාය. මිනිපිරියගේ ගෙලට තැනූ මාලය සගවා තිබූ තැනට දිව ගිය
කරුණාවතී මාලය මිට මොලවා ගත්තාය. ඇය නිවසින් පිටව යාමට පය එසවූවත් ඊ ලග
නිමේෂය විසින් ඇය පස් කන්දකට යට කලේ රත්තොට කැළඹවූ අකාරුණික මහ වැස්සේ පළමු
මිනිස් බිල්ල ලෙසට කරුණාවතී නම්වූ ආදරණීය මිත්තණිය පස් කන්දක පණ පිටින්
මිහිදන් කරමින්ය. කරුණාවතීගේ නිවස තිබු තැනක් පවා සොයා ගැනීමට නොහැකි
අන්දමට කඩමුදන කන්ද විසින් ඇගේ පැල්පත පස් කන්දකින් වසා දමා තිබුණි.
0 comments:
Post a Comment