ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශය තීරණය කරයි
ගංවතුර හේතුවෙන් අර්ධ හා පූර්ණ වශයෙන් විනාශ වී ඇති කුඹුරු අක්කර එක්ලක්ෂ
හැත්තෑහය දහස් අසූපහක් සඳහා බිත්තර වී හා පොහොර නොමිලයේ ලබාදීමට ගොවිජන සේවා
හා වනජීවී අමාත්‍යාශංය තීරණය කරයි.
මාස් කන්නයේ මහවැසි හේතුවෙන් ඇති වූ ගංවතුරෙන් දිවයිනේ දිස්ත්‍රික්ක දහයක
මධ්‍ය හා සුළු වැව් අසූපහක් කැඩී ගොස් ඇති බව ගොවිජන සේවා හා වනජීවී නියෝජ්‍ය
ඇමැති එස්. එම්. චන්ද්‍රසේන මහතා සඳහන් කරයි.
හොරොව්පොතානේ යාං ඔය පිටාර ගැලීමෙන් අවතැන් වූවන් රඳවා සිටින අඹගම රැඳවුම්
කඳවුරට ආධාර බෙදා දීම සඳහා පසුගිය (24)දා උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති එස්.
එම්. රංජිත් සමරකෝන් මහතාගේ ඇරයුමෙන් පැමිණි නියෝජ්‍ය ඇමැති එස්. එම්.
චන්ද්‍රසේන මහතා මේ බව අනාවරණය කෙළේය.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැව් 15ක් කැඩී
කුඹුරු අක්කර 15000ක් ද, පොළොන්නරුවේ වැව් 08ක් කැඩී කුඹුරු අක්කර 20000ක් ද,
කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැව් 02ක් කැඩී කුඹුරු අක්කර 15000ක් ද, අම්පාර
දිස්ත්‍රික්කයේ වැව් 17ක් කැඩී කුඹුරු අක්කර 18000ක් ද, ත්‍රිකුණාමලය
දිස්ත්‍රික්කයේ වැව් 10ක් කැඩී කුඹුරු අක්කර 17250ක් ද, මඩකලපුවේ වැව් 04ක් කැඩී
කුඹුරු අක්කර 43000ක් ද, මන්නාරම් දිස්ත්‍රික්කයේ වැව් 02ක් කැඩී කුඹුරු අක්කර
8600ක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ වැව් 12ක් කැඩී කුඹුරු අක්කර 12000ක් ද, අර්ධ
වශයෙන් හා පූර්ණ වශයෙන් හානි වී ඇති බව දැනට වාර්තා වී ඇති බවත් වැව්වල පිටවාන් කපා
වැව් රැසක් බේරා ගැනීමට හැකි වී ඇති බවත් තවමත් ගංවතුර බැස ගොස් නැති බැවින් හානියට
පත් වූ කුඹුරු ප්‍රමාණය තවත් ඉහළ යා හැකි බව ද නියෝජ්‍ය ඇමැතිවරයා පැවසීය.
0 comments:
Post a Comment