Photobucket

Tuesday, December 4, 2012

බාලදක්ෂ වැඩ දහම් පාසල් විභාගයට හරහට හිටී

දහම්පාසල් ශ්‍රේණි විභාගය පැවැත්වූ ඉකුත් 02 දා මාතර නගරයේ බාලිකා විද්‍යාලයක බාලදක්ෂ වැඩසටහනක් සඳහා ශිෂ්‍යාවන්ට සහභාගි වීමට නියම කර තිබූ නිසා එහි ශිෂ්‍යාවන් ගෙන් 70 කට පමණ එම විභාගයට පෙනී සිටීමට නොහැකි වූ බව ඇල්ගිරිය කහවිල්ගොඩ පුරාණ විහාරයේ විහාරාධිපති දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී හිමියන් පැවසූහ. 

 දහම් පාසල් සඳහා එම වසරට අදාල වැඩසටහන් සකස් කරනු ලබනුයේ සෑම වසරකම මුල් මාසයේදීය. එම වැඩසටහන් ක්‍රියාත්මක වන දින වල දී පාසල් වල කිසිදු කටයුත්තක් සංවිධානය නොකරන ලෙස අධ්‍යාපන බලධාරින් ද දැනුම් දී ඇත. මෙවන් තත්වයක් තිබියදී මෙම විද්‍යාලයේ ශිෂ්‍යාවන්ට එම පාසල තුළ බාලදක්ෂ වැඩ සටහන් සංවිධානය කොට ඊට සහභාගීවන ලෙස දැනුම් දී ඇත. මෙම හේතුව නිසා එම ශිෂ්‍යාවන්ට දහම් පාසල් ශේණි විභාගයට සහභාගී වීමට නොහැකිව ඇත.
 
පසන් රාමවික්‍රම - මාතර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.

Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all