Photobucket

Tuesday, December 4, 2012

ඔස්‌ටේ්‍රලියාවේ දී 'පනින්න පෙර සිතා බලමු·'

ඔස්‌ටේ්‍රලියාව සමග තරග කිරීමේදී ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදුවන ප්‍රධානම අභියෝගය වන්නේ ඔවුන්ගේ තණතීරුවලට ඉක්‌මනින්ම හුරුවීම බව පවසන ශ්‍රී ලංකා නායක මහේල ජයවර්ධන එහිදී වඩාත් වැදගත් වන්නේ එක්‌ එක්‌ ක්‍රීඩකයන් පෞද්ගලිකවම අදාළ අභියෝගයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කිරීම බවද පවසයි.

දින 58 කින් සමන්විත ඔස්‌ටේ්‍රලියානු තරග සංචාරයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්‌ඩායම ඊයේ (03 දා) අලූයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ඊට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතන මූලස්‌ථානයේ පැවැති ආගමික වාතවත්වලින් අනතුරුව ශ්‍රී ලංකා නායකයා ඉහත අදහස්‌ පළ කර සිටියේය.

zඅපිට තියෙන විශාල අභියෝගය තමයි එහෙ තණතීරුවලට ඉක්‌මනින්ම හුරුවීම. පුහුණුවීම්වල යෙදෙද්දී ඉතාම වැදගත් වන්නේ එක්‌ එක්‌ ක්‍රීඩකයන් කොහොමද ඒ අභියෝගයට පෞද්ගලිකවම මුහුණ දෙන්නේ කියන එක ගැනZ වශයෙන් සඳහන් කරන මහේල, ඒ සම්බන්ධව නවසීලන්ත සංචාරයේ සිටම ක්‍රීඩකයන්ව දැනුවත් කළ බව සඳහන් කර සිටියේය.

zඅපිට තරගයෙන් තරගයට ලැබෙන තණතීරු වෙනස්‌ වෙන්න පුලූවන්. ඒ අභියෝගය භාරගෙන හොඳින් පන්දුවට පහර දෙන්න තමයි කණ්‌ඩායමේ බලාපොරොත්තුවZ යනුවෙන් ශ්‍රී ලංකා නායකයා වැඩිදුරටත් අදහස්‌ දක්‌වා සිටියේය.

zඅපේ සංයුතියේත් වේග පන්දු යවන්නන් වැඩිපුර ඔස්‌ටේ්‍රලියාවට එක්‌ක යනවා. අපි හිතනවා ඒ තණතීරුවලදී ඔවුන්ට යෝග්‍ය සාදක තියෙයි කියලාZ යනුවෙන් සිය සංයුතියේ වේග පන්දු යවන්නන්ට එම තණතීරුවලින් දායකත්වයක්‌ ලබාගත හැකි වේය යන්න ඉඟි පළ කරනු ලැබීය.

ඔස්‌ටේ්‍රලියාවේ තණතීරු ආසියානු තණතීරුවලට වඩා බෙහෙවින්ම වෙනස්‌කමක්‌ දක්‌වනු ලබන අතර එහිදී වැඩි වශයෙන් වේගවත් මෙන්ම ඉපිලීමක්‌ සහිත වනු ඇත. ශ්‍රී ලංකාව අවසන් මාස 11 කට ආසන්න කාලයේදී තරග වදින ලද්දේ දේශීය තත්ත්වයන් යටතේ වන අතර එම තණතීරු සියල්ලම මන්ගාමී මෙන්ම අඩු ඉපිලීමක්‌ සහිත බැවින් එම තත්ත්වයට හුරුවීම විශාල අභියෝගයක්‌ වනු ඇත.

මෙහිදී තමාට ලැබී තිබෙන සංයුතිය පිළිබඳවද අදහස්‌ දැක්‌වූ මහේලග දිගු කාලයක්‌ තිස්‌සේ ටෙස්‌ට්‌ සංචිතයේ වෙනසක්‌ සිදුනොවීම සාර්ථක ප්‍රථිඵල ලැබීමට ආසන්නම හේතුව බවද සඳහන් කර සිටියේය.

zසංයුතිය ගොඩක්‌ හොඳයි. අපේ ටෙස්‌ට්‌ සංචිතය වෙනසක්‌ වෙලා නැහැ ගොඩ කාලයකින්. ප්‍රථිඵල තියෙන්නෙත් ඒ නිසයි. අපි එංගලන්තය, පාකිස්‌තානය, නවසීලන්තයත් එක්‌ක තරග ජයග්‍රහණය කිරීමට අවස්‌ථාව ලැබුණේත් ඒ නිසයිZ වශයෙන් සඳහන් කළේය.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් ඒකාබද්ධව සංවිධානය කරනු ලබන මහින්ද රාජපක්‍ෂ කුසලාන දකුණු ආසියා ජාත්‍යන්තර සිව්කොන් පාපන්දු ශූරතා තරගාවලියේ ශ්‍රී ලංකා-මාලදිවයින් තරගයේදී මාලදිවයින් කණ්‌ඩායම ගෝල 3-0 වශයෙන් වාර්තා කොට ප්‍රතිවාදී ශ්‍රී ලංකාව පරාජය කරන ලදී.

නාවලපිටිය ජයතිලක ක්‍රීඩාංගණයේදී ඊයේ ඇරැඹි මෙම තරගාවලියට ශ්‍රී ලංකාව, පාකිස්‌තානය, බංග්ලාදේශය සහ මාලදිවයින සහභාගි වෙති.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පස්‌වරු 2.15 ට ඇරැඹි මෙම තරගයේ 37 වැනි මිනිත්තුවේදී මාලදිවයින සිය පළමු ගෝලය වාර්තා කළ අතර දෙවැනි සහ තුන්වැනි ගෝල් විවේකයෙන් පසු පිළිවෙළින් 14 වැනි සහ 16 වැනි මිනිත්තුවලදී වාර්තා කරන ලදී.

අඡ්මිල් අතවුල්ලා(09), යහමින් මූසා(23) සහ අඡ්මිල් අතවුල්ලා(09) අදාළ ගෝල් ලාභීහු වෙති.

ඉන්දියාවේ සී. ආර්. සී. ක්‍රිෂ්ණා මහතා විසින් මෙම තරගය විනිශ්චය කරන ලදී.

මාලදිවයින් සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට පාපන්දු තරගයක්‌ පවත්වන ලද්දේ 2009 වසරේදී වන අතර එය දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ අවසන් මහ තරගය(කොළඹදී) විය. එම තරගයේදී මාලදිවයින් කණ්‌ඩායම ගෝල් 1-0 ක තියුණු ජයක්‌ වාර්තා කරන ලදී.

මේ අතර, මාලදිවයින් පාපන්දු කණ්‌ඩායමක්‌ නාවලපිටියේදී තරගයකට සහභාගිවූ පළමු අවස්‌ථාවද මෙය වේ.

මේ අතර එම පිටියේදී පැවැති තරගාවලියේ දෙවැනි තරගය වූ බංග්ලාදේශ - පාකිස්‌තාන තරගයෙන් පාකිස්‌තානට ගෝල 1-0 ජයක්‌ අත්විය.


තරගාවලිය ආරම්භයට පෙර සංචාරක මාලදිවයින්, බංග්ලාදේශ, පාකිස්‌තාන කණ්‌ඩායම් සහ ශ්‍රී ලංකා කණ්‌ඩායම ප්‍රධාන ආරාධිත මහින්ද රාජපක්‍ෂ, ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලන සභාපති රියර්Êඅද්මිරාල් සරත් වීරසේකර සහ මාලදිවයින ක්‍රීඩා ඇමැති මොහොමඩ් හුසේන් ෂරීµa යන මහත්වරු සමඟ සමූහ ඡායාරූඵයකට මුහුණ දුන් අයුරු.

ඡායාරූපය - කමල් වන්නිආරච්චි
චමිල කරවිට
දිවයින ඇසුරින් පලකරන ලදී.
 

 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all