Tuesday, December 4, 2012

බෝම්බ හදන පොටෑසියම් ක්ලෝරේට් ටොන් 14ක් බසයක

බෝම්බ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා මූලික රසායනිකයක් සේ සැලකෙන පොටෑසියම් ක්ලෝරේට් ටොන් 14කට ආසන්න ප්‍රමාණයක් පකිස්තාන බලධාරින් විසින් එරට නිරිත දිග ප්‍රදේශයේ බසයක තිබී සොයා ගෙන ඇත.

බලධාරින්ට ලැබුණු ඔත්තුවකට අනුව කුවෙට්ටා නගරයෙන් බැහැරදී බසය නවත්වා පරීක්ෂා කිරීමේදී වෙනත් ආහාර ද්‍රව්‍ය අතර මේ රසායනිකය සඟවා තිබී ඇත.

පෙරමුණු බළකායේ කපිතාන් ජොහාර් සාවෝ පවසන්නේ බසයේ තිබි පොටෑසියම් ක්ලෝ‍රේට් කිලෝග්‍රෑම් 13900 ක් සොයාගත් බව හා පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවට ගත් බවය. 

කුවෙට්ටා -ඒ. එ‍‍ෆ්. පි.
දිනමිණ ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all