Photobucket

Saturday, December 29, 2012

නවදිල්ලියේදී සමූහ දුෂණයට ලක් වූ සිසුවිය සිංගප්පුරු රෝහලකට

ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි සටනක

ඉන්දියාවේ නවදිල්ලි නුවර බස් රියක් තුළදි සමූහ දුෂණයට ලක් වු 23 හැවිරිදි ශිෂ්‍යාවගේ තත්ත්වය බරපතළ බැවින් ඇය සිංගප්පුරු රෝහලකට ය‍වා ඇති අතර ඇගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි සටනක නියැළෙන බව ප්‍රකාශ වී ඇත. 

 මේ අතර සමූහ දූෂණයට සම්බන්ධ වග උත්තරකරුවන් වහා අධිකරණය හමුවට ගෙන එන බවට අගමැති මන් මෝහන් සිං සපථ කිරීම හා ස්ත්‍රී දූෂණ මර්දනය කිරීමේ පියවරක් වශයෙන් දූෂකයන්ගේ නම් ගම් හා ඡායාරූප රජයේ නිල වෙබ් අඩවියක ප්‍රසිද්ධියට පත් කරන බව රජය ප්‍රකාශ කර තිබියදී සමූහ දූෂණ සිද්ධියට එරෙහිව පවත්වන විරෝධතාවන්ට එක්ව සිටින කාන්තාවන්ට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදු කරන ලද ඉන්දීය ජනාධිපතිගේ පුත් අභිජිත් මුකර්ජි ඒ සම්බන්ධයෙන් සමාව අයැද තිබේ .

කෙසේ වෙතත් සිංගප්පූරුවේ මවුන්ට් එළිසබත් රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත්ව සිටින ශිෂ්‍යාවගේ තත්ත්වය බෙහෙවින් බරපතළ බව ඇයට ප්‍රතිකාර කරන වෛද්‍යවරු ප්‍රකාශ කරති. තවද ඇයගේ ජිවිතය බේරා ගැනීමට හැකි හැම දෙයක්ම කරන බවද ඔවුහූ කීහ. ඇය සිංගප්පූරු රෝහලට ගෙන ඒමට කලින් ඉන්දියාවේදී උදරගත සැත්කම් තුනකට මුහුණ දි තිබිණ.

එහිදි ඇය හෘදයාබාධයකට පවා ලක්ව තිබිණ.දෙසැම්බර් 16 දා ඇය මේ සිද්ධියට මුහුණ දුන් අවස්ථාවෙන් පසු දිල්ලි රෝහලකට ඇතුළත් කළ තැන් පටන් ඇය වෙනුවෙන් සියලු විය හියදම් රජය විසින් දරන අතර ඇයට ඉහළම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන බව ස්වදේශ කටයුතු ඇමැතිවරයා ද කියා ඇත.මේ අතර ඉන්දියාව පුරා ස්ත්‍රී දූෂණ විරෝධි රැල්ලක් මතුව ඇති අතර නවදිල්ලියේ මතුව ඇති උද්ඝෝෂණවලදී ඔවුන් රජයේ ගොඩනැගිලි වෙත ගමන් කිරිම වළකනු පිණිස අරගල මර්දන පොලිසිය පවා යොදවා තිබේ .
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all