Photobucket

Saturday, December 29, 2012

ප්‍රශ්න පත්‍රය පැන්නූ සැකකරු එවෙලේම අල්ලන්න තිබුණා

රහස්‍ය අංශයේ සුරක්ෂිතතාව සම්පූර්ණයෙන්ම දුර්වලයි
ආරක්ෂක කැමරා පරීක්ෂා කළා නම්
රහස් පොලිසිය අවධාරණය කරයි

විභාග දෙපාර්තමේන්තුවේ “රහස්‍ය අංශයේ” ආරක්‍ෂක ක්‍රියාවලිය ඉතාමත් දුර්වල තත්ත්වයක පැවැති බව රහස් පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ. මෙම අංශයේ සුරක්‍ෂිතතාව වෙනුවෙන් ඇති ක්‍රමවේදය කිසිසේත් ක්‍රියාත්මක වී නැති බව හෙළි වී තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ එම සුවිශේෂි ආරක්‍ෂාව වෙනුවෙන් රහස්‍ය අංශය ඇතුළු සෙසු අංශවලටද රුපියල් කෝටි ගණනක වියදමින් සී. සී. ටී. වී. කැමරා සවිකැර තිබේ. 
 විශේෂයෙන් ‘රහස්‍ය අංශයේ’ කැමරා දිනපතා පරීක්‍ෂාවට ලක්කළ යුතු වෙයි. එහෙත් එම කැමරා පරීක්‍ෂාවට ලක්කර නැති බව පරීක්‍ෂණවලදී හෙළිවී ඇත. රහස්‍ය අංශයට ඇතුල්වීමේ හැකියාව ඇත්තේ ඒ සඳහා විශේෂ අවසරය ලත් නිලධාරීන් ඇතුළු කාර්යය මණ්ඩලයට පමණි. තවද එසේ ඇතුල්වන පිරිස සහ ඔවුන් පිටවන විට විශේෂ පරීක්‍ෂාවට ලක්කළ යුතුව තිබේ.

තවද එම අංශය තුළට දුරකතන, පෙන්ඩ්‍රයිව්, කඩදාසි, පෑන් ඇතුළු බොහෝ දෑ ගෙන යාම සපුරා තහනම් වෙයි.

පසුගිය අ. පො. ස. සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිටවූ දිනයේ සී. සී. ටී. වී. කැමරා පද්ධතිය පරීක්‍ෂාවට ලක්වූයේ නම් සැකකරු එම දෙපාර්තමේන්තුවෙන් පිටව යාමට පෙර එහි ආරක්‍ෂක අංශයට ඔහු කොටුකර ගැනීමට හැකියාව තිබුණි. 

එහෙත් දුර්වල අධීක්‍ෂණය නිසා සැකකරුට විභාග ප්‍රශ්නපත්‍රය පිටකැර එය තුන්වැනි පාර්ශ්වයකට විකුණා ගැනීමට හැකිවූ අතර එම විභාග ප්‍රශ්නපත්‍රය ළමුන් අතට පත්වන තෙක්ම ඒ පිළිබඳ තොරතුරු අනාවරණය කැර ගැනීමට විභාග දෙපාර්තමේන්තු ආරක්‍ෂක අංශයට ;නාහැකිවී ඇති බව රහස් පොලිසිය පවසයි. සැකකරුගේ දුරකතනය එම අංශය තුළට ගෙන ගොස් ඇත්තේ ඇතුල්වන පිරිස පරීක්‍ෂාවට ලක් නොවීමේ වාසිය හර හාය.

වසර 17ක් එම දෙපාර්තමේන්තුවේ සේවය කළ සැකකාර සේවකයා එම කාලය තුළ මෙවැනි වංචනික ක්‍රියාවල යෙදෙන්නට ඇතැයි යන සැකයද රහස් පොලිස් අවධානයට ලක්වී තිබේ.

සී. සී. ටී. වී. කැමරා පද්ධති සවි කිරීමට පෙර විභාග දෙපාර්තමේන්තු “රහස්‍ය අංශයේ” සේවයට යොදන නිලධාරීන් සේවකයන් එම විභාග ප්‍රශ්නපත්‍ර හා සම්බන්ධ කටයුතුවල යෙදී ළමුන්ට විභාග ප්‍රශ්න පත්‍රය ලබාදෙන තෙක් නිවෙස්වලට යාමට ඉඩ ලැබුණේ නැත. ඔවුන් සම්පූර්ණයෙන්ම ආරක්‍ෂා කිරීම දෙපාර්තමේන්තුව සතු වගකීමක් විය.

එහෙත් මෙහි සේවකයන් වෙනුවෙන් රජය පනවා ඇති ආරක්‍ෂක විධිවිධාන ඇතැම් නිලධාරීන්ගේ දුර්වලතා නිසා හරිහැටි ක්‍රියාත්මක නොවන අතර මෙහි සේවකයන් දිනපතා 4.30 වන විට එම අංශයෙන් පිටවී නිවසට යාම සිදුවෙයි.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all