ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 93,435කට අයත් පුද්ගලයන් 342,810 ක්
පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ, මේ වන විට පුද්ගලයන් 38
දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තවත් 7 දෙනෙකු අතුරුදන් වී ඇති බවයි.
අයහපත් කාලගුණය හේතුවෙන් පුද්ගලයෝ 20 දෙනෙක් තුවාල ලබා සිටිති.
අයහපත් කාලගුණයෙන් නිවාස 4,172 ක් සම්පුර්ණයෙන් විනාශ වී ඇති අතර නිවාස
10,457 අර්ධ වශයෙන් හානි වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 93,435කට අයත් පුද්ගලයින් 342,810 ක්
පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පවුල් 6,989කට අයත් පුද්ගලයින් 24,502ක් මේ වන විට අවතැන් කඳවුරු 14ක රඳවා
සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කීය.
ගංවතුර තත්ත්වය හේතුවෙන් මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 6000 ක පුද්ගලයින්
18000ක් මේ වනවිට උන්හිටි තැන් අහිමිව සරණාගත කඳවුරුවල රැඳී සිටිති.
මොවුන් වෙනුවෙන් මන්නාරම් දිස්ත්‍රික්කයේ මුසලිප්‍රදේශයේ සුභසාධන
මධ්‍යස්ථාන 48 ක් විවෘත කර පවත්වාගෙන යන බව මන්නාරම දිසාපති සරත් රවීන්ද්‍ර
මහතා පැවසීය. මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් මෙම ගංවතුර තත්ත්වය හට ගෙන තිබේ.
වව්නියාව දිස්ත්‍රික්යේ පවුල් 2443 ක පුද්ගලයින් 7847 ක් හා කිලිනොච්චි
දිස්ත්‍රික්යේ පවුල් 706 ක පුද්ගලයින් 5274 ක් ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට
පත්ව සිටිති.
මේ අතර ප්‍රධාන මහවැලි ජලාශ ආශ්‍රිතව සිටින ජනතාවට අවධානයෙන් සිටින්නැයි
මහවැලි අධිකාරිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ගාමිණි රාජකරුණා මහතා පැවසූවේ, රන්දෙණිගල සහ
මාදුරුඔය ජලාශ හැර ඉදිරියේදී අනිකුත් සියලුම ජලාශවල වාන් දොරටු විවෘත
කිරිමට ඉඩ තිබෙන බවයි. දැදුරුඔයේ සහ කලා ඔයේ ජල මට්ටම නැවතත් ඉහළ යාමට ඉඩ ඇති
බැවින් ඒ අවට පදිංචිකරුවන්ටද අවධානයෙන් පසුවන ලෙස පුත්තලම ආපදා
කළමනාකරණ ඒකකය ඉල්ලීමක් කරයි.
කුරුණෑගල සහ මාතලේ ප්‍රදේශ වලට ඊයේ දවස පුරා වැසි ලැබීම හේතුවෙන් දැදුරුඔයේ ජල
මට්ටම ඉහළ යා හැකි බවත්,මේ වන විටත් රාජාංගනය ජලාශයේ වාන් දොරටු 06 ක් අඩි 08
බැගින් විවෘත කර ඇති නිසා කලා ඔයේ ජල මට්ටමත් නැවත ඉහළ යා හැකි බවත් අපාදා
කළමනාකරණ ඒකකය පෙන්වාදෙයි.
කෙසේ වෙතත් විශාල මට්ටමේ ජල ගැලීමක් අපේක්ෂා කළ නොහැකි වුවත් පසුගිය දිනවල
ගංවතුර තර්ජනයට මුහුණ දුන් අය විශේෂ අවධානයකින් පසුවිය යුතු බව පුත්තලම
ආපදා කළමණාකරණ ඒකකය කියයි.
මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ප‍්‍රදේශ කිහිපයක ප‍්‍රධාන මාර්ගවල
ගමනාගමනයටද බාධා එල්ල වී තිබේ. යාපනය - මන්නාරම මාර්ගය, මන්නාරම -
පුත්තලම මාර්ගය, මුලතිව් මාන්කුලම් මාර්ගය, හොරොව්පතාන - ති‍්‍රකුණාමලය
මාර්ගය, යන මාර්ගවල පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් ගමනාගමනයට බාධා එල්ල වී
ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. එමෙන්ම, ස්ථාන කිහිපයකින්
පස් කඳු කඩා වැටීම් සහ ගල් පෙරලීම් හේතුවෙන් වළපනේ - පදියපැළැල්ල හරහා
නුවරඑළිය මාර්ගයේ සහ තවලම්තැන්න - නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට ද බාධා
එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි.
දිවයින පුරා පවතින අධික වර්ෂාව හේතුවෙන් උතුර සහ උතුරුමැද පළාත්වල ජලාශ
ගණනාවක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් තිබෙන බව වාර්තා වේ. මේ වනවිට
පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ පරාක‍්‍රම සමුද්‍රය, මින්නේරිය, කවුඩුල්ල යන
ජලාශත් අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හුරුළු වැවත්, උතුරු ප‍්‍රදේශයේ ජලාශ
කිහිපයකත් වාන් දොරටු විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන්
කරයි. විශේෂයෙන් මන්නාරම, අනුරාධපුර පූජා නගරය, හොරොව්පතාන
කහටගස්දිගිලිය, ගල්ලෑල්ල, මනම්පිටිය ප‍්‍රදේශවල සිටින ජනතාව අවධානයෙන්
පසුවිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.
මේ අතර ඉදිරි පැය 24 තුළ දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට වැසි සහිත කාලගුණ
තත්ත්වයක් බලපා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු
කාලගුණ විද්‍යාඥ අනූෂා වර්ණසූරිය සඳහන් කරයි.
ඉදිරි පැය 24 න් පසුව දැනට දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට පවතින වැසි සහිත
කාලගුණික තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බවද ඇය ප්‍රකාශ කළාය. කෙසේ වුව ද අද
සවස් කාලයේ දිවයිනේ උතුරු, උතුරු මැද හා වයඹ පළාත්වලට වැසි අපේක්ෂා කළ හැකි බව
වර්ණසූරිය මහත්මිය සඳහන් කළාය.
0 comments:
Post a Comment