Photobucket

Saturday, December 1, 2012

හොරොව්පතාන කට්ටඩියා උඩදුම්බර නිධන් බිඳලා

නිධානයක් හාරමින් සිටි පුද්ගලයින් අට දෙනෙකු අද (30) අලුයම උඩදුම්බර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. නිධානය හෑරීම සඳහා ගෙනා උදලු, යකඩ ඉනි, මල්, බුලත් තට්ටු, පළතුරු, හඳුන්කූරු සහ සුවඳ දුම් ඇතුලු භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් පැමිණි වෑන් රථයද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. 

මෙම සැකකරුවන් මහනුවර , මාතලේ සහ මීමුරේ පදිංචි කරුවන් වන අතර නිධානය ගැනීමට පැමිණි කට්ටඩියා අනුරාධපුර හොරොව්පතාන ප්‍රදේශයේ පදිංචි කරුවන් බව පොලිසිය කියති. මෙම නිධානය තිබෙන බව කියන ස්ථානයේ ගලක් හාරා යාග පවත්වමින් සිටින විට උඩදුම්බර පොලිසියේ ස්ථානාධිපති වරයාට ලද තොරතුරක් මත කිසිදු සැකකරුවෙකුට පළා යාමට නොහැකි වන අයුරින් එම ප්‍රදේශ‍ය වටලා සැකකරුවන් සියලුදෙනාම අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකරුවන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් වරයා හමුවට ඉදිරිපත් කිරීමට පෙලිසිය කටයුතු කරමින් සිටියි. උඩුදුම්බර පොලිසිය පරක්ෂණ වැඩිදුර පරික්ෂණ පවත්වති. 

ගයා වන්නිආරච්චි
 ලක්බිම ඇසුරින් පල කරන ලදී.


 
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all