Photobucket

Sunday, December 2, 2012

දුරකථනයෙන් බැන්නොත් අනිවාර්යෙන් හිරේ යන්න වෙයි

කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් අධිකරණයේ පදවිය සංචාරක මහේන්ත්‍රාත් අධිකරණයේ සේවය කරන නීතිඥ තුෂාරි විජේනායක මහත්මියට දුකරකථනයෙන් අසැබි ලෙස බැණ වැදී තර්ජනය කළ පාදුක්ක ප්‍රදේශයේ පදිංචි කරුවන් දෙදෙනෙකුට බරපතල වැඩ සහිත මසක අනිවාර්ය සිරදඩුවමක් කැබිතිගොල්ලෑව මහේස්ත්‍රාත් මිගහගේ මහතා විසින් නියෝග කළේය. 
 
ඉකුත් ජුලි මාසයේ දිනකදී දුරකථනයකින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය කිරීම පිළිබඳ ඇය විසින් කැබිතිගොල්ලෑව පොලිසියට කළ පැමිණිල්ලට අනුව විත්තිකරු අත්අඩංගුවට ගෙන ඊයේ (29) නඩුව විභාගයට ගන්නා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි. පාදුක්ක ඉහළ බෝපේ අංක 79/9 පදිංචි කේ.ජී ලාලිත හා ඩී.බී.කේ සංජීව අල්විස් යන දෙදෙනාය.
 

බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all