Photobucket

Sunday, December 2, 2012

එල්ලා වැටුණු විදුලි රැහැන් අලි හතරකට මරු කැඳවයි

වාලච්චන පොලිස් බල ප්‍රදේශයේ වාකනේරි වැව අසල අධිබල විදුලි රැහැන් පද්ධතියක වැදී වන අලි හතර දෙනෙක් එකම ස්ථානයේ (29) රාත්‍රී මියගොස් ඇත. 
මේ අධිබල විදුලි රැහැන් පද්ධතියට ඉකුත් යුධ සමයේ හානිවී තිබූ අතර ඒවා නිසි නඩත්තුවක් වී නැති අතර ඒ නිසා රැහැන් ඉතා පහතින් එල්ලා වැටී තිබූ හෙයින් මේ අනතුර සිදුව තිබේ. මීට වසර 4 කට පෙර මෙවැනිම විදුලි පද්ධතියක වැදී අලි 3 දෙනෙකු මිය ගිය අතර මෑතක සිදුවූ විශාලතම අනතුර මෙය බවද වාර්තා වේ. 
ප්‍රියන්ත බණ්ඩාර
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all