Photobucket

Monday, December 3, 2012

ඉන්දීය ගිවිසුම අහෝසි කිරීමේ වෙනසක් නෑ - මාලදිවයින

මාලේ ගුවන් තොටුපොල සංවර්ධනය කිරීම සඳහා ඉන්දියානු ඉදිකිරීම් සමාගමක් සමඟ ඇතිකරගෙන තිබුන ගිවිසුම අහෝසි කිරීමට ගත් ස්ථාවරයේ දිගටම රැඳී සිටින බව මාල දිවයින් ආණ්ඩුව පවසයි.

ගිවිසුම අහෝසි කිරීමට ගත් තීරණයට එරෙහිව සිංගප්පූර් උසාවියක් විසින් තහනම් ආඥාවක් නිකුත් කරනු ලැබ ඇතත්, තම තීරණයේ වෙනසක් නොවන බවයි, මාල දිවයින් ආණ්ඩුව පවසන්නේ.

මාලදිවයින් ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයෙක් අදහස් දක්වමින්, ජීඑම්ආර් ඉන්දියානු සමාගමත් සමඟ ඇතිකර ගෙන තිබුන ගිවිසුම අහෝසි කිරීමට ගත් තීන්දුවෙහි කිසිදු වෙනසක් නොවන බවයි සඳහන් කළේ.

ඩොලර් දශලක්ෂ ගණනක් ඇතුළත් ඉහත කී ඉදිකිරීම් ගිවිසුම අවලංගු කිරීමට ගනු ලැබුන තීරණය ඉන්දියාව සහ මාල දිවයින් සමුහාණ්ඩුව අතර විවාදයකට හේතු වී ඇති අතර, මාල දිවයිනට දෙන ඩොලර් ලක්ෂ ගණනක ආධාර අත්හිටුවීමේ තත්වයක් උද්ගත විය හැකි බවයි, ඉන්දියාව පවසන්නේ.

මෙම ගිවිසුම ඇති කරගෙන තිබුනේ, මාල දිවයින් සමුහාණ්ඩුවේ හිටපු ජනාධිපති මොහමඩ් නෂීඩ් විසින්.
ගිවිසුම අවලංගු කරනු ලැබීම මගින් මාල දිවයිනේ විදේශීය ආයෝජන සහ සංචාරක කර්මාන්තය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපතිවරයා ගේ අදහසයි.

බීබීසී වෙබ් අඩවිය ඇසුරින් පල කරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all