Photobucket

Monday, December 3, 2012

මලල ක්‍රීඩා ජාතික ශූරතා තරගාවලියේ පිරිමි මීටර 100 දිනූ පාසල් සිසුවාට තහනම් උත්තේජක චෝදනා

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් සංවිධානය කරන ලද ජාතික ශූරතා 2012 ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙලේ පිරිමි මීටර 100 ධාවන ඉසව්ව ජයගත් ක්‍රීඩකයා තහනම් උත්තේජක භාවිත කර ඇති බවට මලයාසියාවේ තහනම් උත්තේජක භාවිත පිළිබඳ පර්යේෂණායතන බලධාරීහු ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
අදාළ ජයග්‍රාහකයා කලුතර ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යයකු බවත් ඔහු තහනම් උත්තේජක භාවිතා කර ඇති බවට සඳහන් ප්‍රවෘත්තිය සත්‍යයක්‌ බවත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සම්මේලන බලධාරියෙක්‌ 'දිවයින'ට ඊයේ (02 දා) පැවැසීය.

අදාළ තරගාවලියට සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් පරීක්‍ෂණ සඳහා මුත්‍රා සාම්පල ලබාගෙන එම සාම්පල මලයාසියානු පරීක්‍ෂණාගාරයේදී පරීක්‍ෂාවට ලක්‌ කරන ලදුව අදාළ ක්‍රීඩකයාගේ මූත්‍රා සාම්පලයේ තහනම් උත්තේජකයක්‌ අඩංගු බවට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ කමිටුවට ඉකුත් සෙනසුරාදා පෙරවරුවේ ලිතව දන්වා එවා ඇත.

මේ අතර උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ තමනට මේ වන තෙක්‌ (ඉරිදා පස්‌වරුව) නිල වශයෙන් කිසිවක්‌ දන්වා නැතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා බලධාරියෙක්‌ පැවැසීය.

උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ පූර්ව පියවරක්‌ ගෙන ඇති ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා චූදිත ක්‍රීඩකයාට ඊයේ අවසන් වූ ජාතික මහ ක්‍රීඩා උළෙලේ මීටර 100 ඉසව්වට සහභාගිවීම තහනම් කළ බවත් වත්මන් තත්ත්වය පිළිබඳව මලල ක්‍රීඩා සභාපති මේජර් ජනරාල් දයා රත්නායකට ද දන්වා ඇත.

අසෝක ගුණතිලක
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all