Photobucket

Wednesday, December 12, 2012

සා. පෙළ සිසුවා ළිඳට පැන දිවි නසා ගනී

(11 වැනිදා) ආරම්භ වීමට නියමිතවූ අ. පො. ස. (සාපෙළ) විභාගයට පෙනී සිටීමට සිටි හෙට්‌ටියාවල මහා විද්‍යාලයේ සිසුවකු ළිඳට පැන දිවි නසා ගෙන ඇත.

ලියන පතිරණගේ ළහිරු කුමාර (16) නමැති මේ ශිෂ්‍යයා කිරින්ද හීල්ලකන්ද ගමේ විසූ තම සොහොයුරියගේ නිවසේ සිට ඉගෙනීමේ කටයුතුවල යෙදී ඇත. මේ අතර ඒ අසල නිවසක පදිංචි තරුණියක සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගෙන තිබේ. මේ පිළිබඳව දැනගත් වැඩිහිටියන් මේ වයසේ පෙම් සබඳතාවලට යොමු නොවන ලෙස ඔහුට අවවාද කර තිබේ.

මෙයින් සිත් තැවුලට පත් සිසුවා සිය සොහොයුරියගේ නිවසේ ළිඳට පැන සියදිවි නසාගෙන ඇත. මාතර මහ රෝහලේදී මේ පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැති අතර කිරින්ද පුහුල්වැල්ල හදිසි මරණ පරීක්‍ෂක එච්. එම්. එම්. පතිනායක මහත්මිය විසින් හදිසි මරණ පරික්‍ෂණය පවත්වන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all