Photobucket

Saturday, December 29, 2012

මැණික්‌ පතල මිනී මරයි

විෂ වායුවක්‌ එයි 

නිවිතිගල, විතානකන්ද ප්‍රදේශයේ මැණික්‌ පතලක්‌ තුළ විෂ වායුවක්‌ කාන්දුවීමෙන් එහි සිටි කම්කරුවන් තිදෙනකු මියගොස්‌ තවත් දෙදෙනකු බරපතල අසනීප තත්ත්වයෙන්  (28 වැනිදා) රත්නපුර රෝහලට ඇතුළත් කර ඇත.

මෙම අනතුරින් සුළු වශයෙන් කම්පනයට පත් වූ තවත් දෙදෙනකු වතුපිටිය රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත.

අනතුරට පත්වූ කම්කරුවන් (28) දහවල් මෙම මැණික්‌ පතල තුළ වූ ජලය ඉවත් කරමින් සිටියදී හදිසියේම විෂ වායුවක්‌ ඇතිවීම නිසා සිහිමුර්ජා වී තිබේ.

සිහිය නොමැතිව සිටි කම්කරුවන් වතුපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී තිදෙනකු මියගොස්‌ ඇත. බරපතල තත්ත්වයේ පසු වූ තවත් දෙදෙනකු වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, ඉන් එක්‌ අයකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

අනතුර සිදුවූ මෙම මැණික්‌ පතල බලපත්‍ර සහිත දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පවත්වාගෙන ගිය එකක්‌ බව පොලිසිය පවසයි.

මෙසේ මියගොස්‌ ඇත්තේ ඕකන්දල, දෙල්වල පදිංචි පී. එල්. අරවින්ද ගුණතිලක, කලවාන, දෙල්ගොඩ ජනපද පදිංචි බී. එල්. ඒ. සෙනෙවිරත්න හා කලවාන, දෙල්ගොඩ ජනපද පදිංචි එච්. ලෙවිස්‌ සිංඤොa නමැති අය බවට හෙළිවී ඇත.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all