Photobucket

Tuesday, December 4, 2012

රෝහල් ගතවූ සෙබළාට හෙද නිලධාරියාගෙන් කනේ පාරක්

පදවි පරාක්‍රමපුරදී රිය අනතුරකට ලක් වීමෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ යුධ හමුදා සෙබළෙකුට අනුරාධපුර ශික්ෂණ රෝහලේ සේවය කරන හෙද නිලධාරියෙකු ඊයේ  රාත්‍රියේ කනට ගැසූ බව ප්‍රතිකාර ලබන සෙබලා ‘ලක්බිම online’ වෙත පැවසීය. 

 පහර කෑමට ලක් වී ඇත්තේ 11 වන කොළනිය පරාක්‍රමපුර පදිංචි ශ්‍රී ලංකා යුධ හමුදාවේ 20 වන විජයබා රෙජිමේන්තුවේ ඉරට්ටපෙරියකුලම කඳවුරේ සේවයේ නියුතු සාමාන්‍ය සෙබළෙකි. යුධ හමුදා සෙබළා ඊයේ  දා බිරිඳත් සමඟ මාර්ගයේ ගමන් කරද්දී යතුරු පැදියකට හැපී බරපතල තුවාල ලබා ඇත. අනතුරට ලක් වූ ඒ මහතාගේ බිරිඳ ද අනතුරෙන් තුවාල ලබා ඇති අතර අනතුරට ලක් වීමෙන් දෙදෙනාම පදවිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ගිලන් රථයක් මඟින් රැගෙන ගොස් තිබේ. අනතුරට ලක් වූ හමුදා සෙබළාගේ මුහුණට හා බෙල්ල ප්‍රදේශයට ද බරපතල තුවාල සිදු වී ඇත. තුවාල ලැබූ සෙබළා ප්‍රතිකාර ලබමින් සිටිය දී වේදනාවෙන් කෑ ගැසූ අවස්ථාවේ එහි පැමිණි හෙද නිලධාරියා ඇද අසල වූ විදුලි පහන නිවා දමා එදින රාත්‍රී 11.30 ට පමණ සෙබළා ගේ කනට පහරවල් තුනක් එල්ල කර ඇත. පහර දීමත් සමඟම වේදනාවෙන් ඔහු කෑගැසූ බවත් අසල සිටි රෝගීන් කිහිපදෙනෙකු සෙබළාට පහර දෙන අයුරු දැක තිබෙන බවත් අනාවරණය විය. සෙබළා පහර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුධ හමුදාවේ විනයාරක්ෂක පොලිසියේ නිලධාරියෙකුටද පැමිණිලි කර ඇත. රෝහල් ආරංචි මාර්ග වලට අනුව මොහු පරුෂ වචනයෙන් කෑ ගැසූ නිසා පහර දීම සිදු කර ඇති බවය
 
බුද්ධික මහේෂ් විජේසූරිය - අනුරාධපුර
ලක්බිම ඇසුරින් පලකරන ලදී.
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all