Photobucket

Tuesday, December 4, 2012

පොන්ටින්ගේ ‍අවසන් ටෙස්ට් තරගයේදී දකුණු අප්‍රිකාවට ලකුණු 309ක විශිෂ්ට ජයක්

ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ ලකුණු 309ක විශිෂ්ට ජයක් වාර්තා කළ දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ රැක ගැනීමට සමත්විය. 

ලකුණු 632ක දැවැන්ත ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියාව සියලුදෙනා දැවී රැස්කළේ ලකුණු 322ක් පමණි. සිය අවසන් ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ හිටපු නායක රිකී පොන්ටින්ට අවසන් ටෙස්ට් ඉනිමේ දි ලබාගත හැකිවුයේ ලකුණු 8කි. 

තරග 3කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස ජයගත් දකුණු අප්‍රිකාව දශක දෙකක කාලයක පිට පිට තරග සංචාර 2කදී ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ භූමියේදීම පරාජය කළ පළමු කණ්ඩායම බවට පත්විය.
දකුණු අප්‍රිකාව පළමු ඉනිම – 225- පෆ් ඩු ප්ලෙසිස් නොදැවී 78 (නේදන් ලියොන් 41/3) සහ දෙවැනි ඉනිම – 569 – හෂිම් අම්ලා 196, ඒ.බී.ඩිවිලියර්ස් 169 (මිචෙල් ස්ටාක් 154/6)
ඔස්ට්‍රේලියාව පළමු ඉනිම – 163 – මැට් වේඩ් 68 (ඩේල් ස්ටේන් 40/4) සහ දෙවැනි ඉනිම – 322 – ඊ. කෝවන් 53, මයිකල් ක්ලාක් 44 ( ඩේල් ස්ටේන් 72/3, පීටර්සන් 127/3)

පර්ත් (ඒ.එෆ්.පී.)
Share on :

0 comments:

Post a Comment

 
© Copyright Gurugedara Magazine 2012 - Some rights reserved | Powered by Gurugedara.
Template Design by Sandeepa Madushan | Published by Gurugedara Templates and Theme4all